Language Switcher

V2025

මහජන බැංකු සභාපතිට ගස්සවන්නේ තවත් රාජ්‍ය බැංකු සභාපතිවරයෙක් : බුද්ධි වාර්තාව ජනාධිපතිට !

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ට එරෙහිව බරපතළ මූල්‍ය චෝදනාවක් ඇති බව කියමින් මේ දින වල සංවිධානාත්මක මාධ්‍ය ප්‍රචාරයක් යවමින් තිබීම පිටුපස සිටින්නේ තවත් රාජ්‍ය බැංකු ප්‍රධානියකු බව අනාවරණය වී තිබේ.

ඔහු තවත් රාජ්‍ය බැංකුවක සභාපතිවරයකු බවත් තම  ප්‍රධාන පෙළේ  ව්‍යාපාරික මිතුරෙකු ඇතුළු හිතවතුන් කිහිපදෙනකු ගේ උදව් උපකාර ගනිමින් මෙකී " බරපතළ මූල්‍ය චෝදනාවක් ඇති මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ වහාම ඉල්ලා අස්වනු" ප්‍රචාරය ගෙනයමින් ඇති බවට බුද්ධි අංශ වාර්තාවක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී ඇති බවත් වාර්තා වෙයි.

මහජන බැංකුවේ වෙළෙඳ දැන්වීම් ගැන  පොරොන්දු දෙන ව්‍යාපාරිකයෙක් :  තොරණේ විස්තරේ බුද්ධි වාර්තාවේ !

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බුද්ධි වාර්තාව කැඳවා ඇත්තේ දින කිහිපයක පටන් ආණ්ඩුවත් අප්‍රසාදයට ලක්කරමින්  මහජන බැංකුවේ සභාපති සම්බන්ධව පුවත් මැවෙන්නට ගෙන තිබීම හේතුවෙනි.ඒ අනුව ලැබුණු බුද්ධි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි පවසන්නේ මහජන බැංකුවේ සභාපති මාරුවක් සිදුකර ගතහොත් වෙළෙඳ දැන්වීම් කෝටාවක් දෙන  බවට වූ පොරොන්දු මතද  මහජන බැංකුවේ වත්මන් සභාපතිට එරෙහිව පුවත් ප්‍රචාරය කරවාගෙන ඇති බවය.

මේ විරෝධය දූෂණයට එරෙහිව නොව හුදෙක් තනතුරකට ! 

පසුගිය  දින  කිහිපයක සිට එකම පුවතක් විවිධ මාධ්‍ය ඔස්සේ එපිට මෙපිට කරකවමින්  වාර්තා කරවමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ට එරෙහි මේ මාධ්‍ය ප්‍රචාරය මෙහෙයවන්නේ දූෂණයට එරෙහිව නොව මහජන බැංකුවේ සභාපති වීමට අනෙක් රාජ්‍ය බැංකු සභාපතිට ඇති අවශ්‍යතාව මත බව යන්න  අදාළ බුද්ධි වාර්තාව පෙන්වාදී ඇති බවත්  වාර්තා වෙයි. 

ඒ සඳහා  සහය දෙන ව්‍යාපාරිකකු මහජන බැංකුවේ සභාපති ලෙස හිතවතාව පත්කර ගැනීමේ වැදගත් කම පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත.එහිදී ඔවුන් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගෙන ඇත්තේ මේ අවස්ථාවේ සුජීව රාජපක්ෂ මහජන බැංකුවේ සභාපති ධූරයෙන් ඉවත්කර ගැනීම සාර්ථක වුවහොත් අනිවාර්යයෙන් මුදල් අමාත්‍ය ධුරය අගමැති මහින්ද රාජපක්ෂ සතු හෙයින් තම අතිජාත මිතුරා වන අනෙක් රාජ්‍ය බැංකු සභාපති ට මහජන බැංකුව ලැබීමට අවශ්‍ය කටයුතු සූදානම් බවය.කෙසේ වුවත් ලැබුණු බුද්ධි වාර්තාව විමසීමෙන් පසුව ජනාධිපති කාර්‍යාලය මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ වෙත දන්වා ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධව විමර්ශනයක් සිදුකරන බවත් එහෙත් ඉල්ලා අස්වීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බවය.

යහපාලන කාලයෙත් වෙලා - සූජීවට ගහන අය  හංගන සාක්ෂි මෙන්න  !

මේ සම්බන්ධව ලැබෙන වැඩිදුරට ආරංචි මාර්ග අනූව පසුගිය ආණ්ඩුව සමයේ ද  රාජ්‍ය බැංකු වලට පත්වෙන ව්‍යාපාරික සම්බන්ධතා ඇති අධ්‍යක්ෂවරුන් 4% සහන පොළී ණය ලබා ගැනීම සිදුකර ඇත. 

විශේෂයෙන් යහපාලන කාලය තුළ ජෙහාන් අමරතුංග නම් අධ්‍යක්ෂවරයා මෙසේ ණය ලබාගෙන තිබීම සිරස ඇතුළු මාධ්‍ය කිහිපයක් එක දිගට වාර්තා කෙරිණ.

රාජ්‍ය බැංකු ආශ්‍රිත මේ සිදුවීම සාමාන්‍ය දෙයක් වන අතර යහපාලන සමයේ එසේ ණය ගත් ආණ්ඩු හිතවාදීන්ගේ ලැයිස්තුවක් ද මේ වන විට ජනාධිපති වෙත ලැබී ඇති බවත් වාර්තා වෙයි.එයින් කොටසක් පහත දැක්වෙයි.

IMG 20210306 WA0006

මේ අනුව පෙන්නුම් කරන්නේ මහජන බැංකුවේ හුටපටය දූෂණ විරෝධී මාර  අලුත් චිත්‍රපටියක් නොව වැඩක් නැතැයි හිතෙන බැංකුවේ සභාපති ධූරය වෙනුවට මහජන බැංකුවේ සභාපති ධූරයෙන්  වැඩ ගොඩක් ගොඩදාන්න හැකිය යන තක්සේරුවක ප්‍රතිඵලයකි.

සුජීවට ඇති චෝදනාව !

මහජන බැංකුවේ වත්මන් සභාපති වෙත ඇති චෝදනාවේ පසුබිම  වන්නේ ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින් තමන් යටතේ ඇති පෞද්ගලික සමාගමක් වන BDO Partners විගණන සමාගම වෙත රුපියල් මිලියන 25ක ණයක් නිකුත් කර ඇති බවය.

චෝදනාව වන්නේ එකී ණය පහසුකම නිකුත්කර ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් රජයේ හා පෞද්ගලික වාණිජ බැංකුවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව එවැනි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හෝ ඔහුගේ පවුලේ ඥාතියකුට හෝ හිතවතකුට සිය බැංකුවෙන් ණය මුදලක් ලබාගන්නේ නම් අනුගමනය කළ යුතු කාර්‍ය පටිපාටිය කර නොමැති බවටය.