මන්ත්‍රී අශෝක්ව : වහාම CID කැඳවයි !

මන්ත්‍රී අශෝක්ව : වහාම CID කැඳවයි !

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒ මන්ත්‍රීවරයා පසුගිය දිනක පාස්කු ප්‍රහාරය පිළිබඳ  ජන හමුවක සිදුකළ කරුණු දැක්වීමක් සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක විමර්ශන කටයුතු සඳහාය.

ඒ අනුව හෙට (09)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ  සහ බැසිල් රාජපක්ෂ මහතා එක්වී බවත් ඊට වියදම් කළේ නිශ්ශංක සේනාධිපති  බවටත් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ජන හමුවක දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝවක් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර ඊට අදාළව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න