භූමීතෙල් සහනාධාරත් අවභාවිතයේ : ක්‍රමවේදයක් හදන්න මහින්දගෙන් උපදෙස් !

භූමීතෙල් සහනාධාරත් අවභාවිතයේ : ක්‍රමවේදයක් හදන්න මහින්දගෙන් උපදෙස් !

භූමිතෙල්සහනාධාරය අවභාවිතයකින් තොරව සෘජුවම ගොවීන්ට හා ධීවරයින් ඇතුළු ඉලක්කගත ප්‍රතිලාභීන්වෙත ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත්  ඊට අදාළක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ විසින්  අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

2021පෙබරවාරි 05 දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීමසහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහාපත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පළමු වරට අද (08)  රැස්වූ අවස්ථාවේ අගමැතිවරයා මෙසේ උපදෙස් නිකුත්කර ඇත.

එමෙන්මතෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල් වලින්ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකු සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කරන මෙන් රාජ්‍ය අමාත්‍යඅජිත් නිවාඩ් කබ්රාල්ට ද අගමැතිවරයා  උපදෙස්දී ඇත.

මේසම්බන්ධව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර ඇති අතර මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජික අමාත්‍යවරුන්වනඋදය ගම්මන්පිල, ඩලස්අලහප්පෙරුම, ඩග්ලස්දේවානන්දා, ප්‍රසන්නරණතුංග, රාජ්‍යඅමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල ඇතුළු විෂයභාර අමාත්‍යාංශවල ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටි බවත් එහි සඳහන් කරඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න