Language Switcher

V2025

ආණ්ඩුවේ අය ආණ්ඩුව විවේචනය කිරීම : බැසිල්වාදීන්ගෙන් තහනමක්!

වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත්  අවධාරණය කර ඇත්තේ  ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවයි.

ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන අය සිදුකරන්නේ සීසීකඩ විසිර නන්නත්තාර වී සිටින විපක්ෂයට ඔක්සිජන් සැපයීම බවට ද ඇමතිවරයා චෝදනා කරයි.

ඕනෑම අයෙකුට සිහින දැකීමේ අයිතිය ඇතත් විපක්ෂය දකින සිහිනය සැබෑ කරගැනිමට කිසිඳු ඉඩක් නොදෙන බවත්  අවධාරණය කරන ඇමතිවරයා බොරු ප්‍රචාරය කරමින් ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමේ කුමන්ත්‍රණයට විපක්ෂය යෙදී සිටින බවද පෙන්වා දෙයි.