දෙවන මාත්‍රාව වෙලාවට විදගන්න බැරිවෙයිද ? එන්නත් තොග ලැබීම ගැන කතා 2ක් !

දෙවන මාත්‍රාව වෙලාවට විදගන්න බැරිවෙයිද ? එන්නත් තොග ලැබීම ගැන කතා 2ක් !

මාර්තු මැද හා අප්‍රේල් යන  මාසවල  ඉන්දීය  සීරම් සමාගම  ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ කොරෝනා මර්ධන එන්නත් ලක්‍ෂ 15 ඉතිරි කොටස පොරොන්දු වූ වකවානුව ඇතුළත ශ්‍රී ලංකාවට නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය ඹෟෂධ සංස්ථාව විසින් ඇණවුම් කල කොවිඩ්ෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් ඉල්ලුුම්කල දිනයට ලබා දිමට නොහැකි බව  සමාගම දන්වා ඇති බවත් වාර්තා වෙයි.

සීරම්  සමාගමේ ප්‍රධාන විධායක අධාර් පූනාවල්ලා විසින් මාර්තු මස 3 වනදා  හදිසියේම රාජ්‍ය ඹෟෂධ සංස්ථාව වෙත එවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ තම සමාගමට අලුතෙන් ලැබී ඇති ඉල්ලිම් සහ ආයතනය තුල සිදුවූ ගිනි ගැනීම හේතුවෙන් මාර්තු හෝ අප්‍රේල් මාස වලදී ශ්‍රී ලංකාවට ලබාදීමට බලාපොරොත්තු වූ එන්නත් මිලියනක ප්‍රමාණය ලබා දිම කල්යන බවයි.

අවශ්‍ය නම් එන්නත් සැපයීමේ ගිවිසුම අවලංගු කිරිම හෝ ලබා දුන් අත්තිකාරම් මුදල ආපසු ගෙවිය හැකි බව සීරම් ඉන්ස්ටිටියුට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වැඩිදුරටත් දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

 මේ අතර නිව්ස් ෆස්ට් වාර්තාවක දැක්වෙන්නේ ඇනවුම් කරන ලද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියාවේ සීරම් ආයතනය දැනුම් දී ඇති බව  ඖෂධ නීතිගත සංස්ථාවෙන් නිවස්ෆස්ට් කළ විමසීමකදී තහවුරු කළ බවය.

එක් එන්නත් මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 5 යි ශත 25 බැගින් මාත්‍රා මිලියන 1.5 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සීරම් ආයතනයට මුදල් ගෙවා ඇති අතර, මාත්‍රා මිලියනයක් ලැබීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසයේදී හෝ මාර්තු මාසයේදී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න