තමාව ආවේක්ෂණයට ලක්වෙලාද : ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ගෙන් ට්වීටර් පණිවිඩයක් !

තමාව ආවේක්ෂණයට ලක්වෙලාද : ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ගෙන් ට්වීටර් පණිවිඩයක් !

තමාව ආවේක්ෂණයට ලක්ව ඇත්දැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්  විමසා සිටි.

ඔහු ප්‍රශ්න කර සිටින්නේ, තම නිළ නිවස ඉදිරිපිට මාධ්‍ය නොමැති අවස්ථාවක තම පෞද්ගලික රැස්වීම් පිළිබඳව මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා කැනේඩියානු නිවහනේදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවීම, පසුගියදා පුවත්පත් දෙකක්, අනාවරණ කර තිබේ.

ඊට අමතරව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්  හා දකුණු කොරියානු තානාපති හමුවීම පිළිබඳව ද මෙරට පුවත්පත් අනාවරණ කර ඇත.

බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් දෙකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සාමාජික රාජ්‍යයන් ය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ආවේක්ෂණයට ලක්නොකරන බවය.

එබැවින් කැනේඩියා මහ කොමසාරිස්වරයා ආවේක්ෂණයට ලක්කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසූ බව නිව්ස්ෆස්ට් වාර්තාවේ සඳහන්ව ඇත.

රාජතාන්ත්‍රික පරිස්සම වැදගත් !

මේ සම්බන්ධව newstube.lk  කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධව විද්වතෙකු සඳහන් කර සිටියේ  රාජතාන්ත්‍රික නිලධාරියකු ආවට ගියාට ප්‍රකාශ නිකුත් නොකරන බවත් එබැවින් මෙරට විදේශ අමාත්‍යංශය මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇති බවය. නැතිනම් එය මෙරට රාජතාන්ත්‍රික සම්බන්ධතා විෂය කෙරෙහි ඉතා නරක සහ අයහපත් ආකාරයේ බලපෑමක් වනු ඇති බවවත් ඔහු පවසයි.

ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ මෙවර ලංකා භූමිකාව සම්බන්ධව ලෝකයම අවධානයෙන් සිටින අවස්ථාවක තවදුරටත් රාජතාන්ත්‍රික පරිස්සම සිහියේ තබාගැනීම අතිශය වැදගත් බවත් ඔහු සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න