වල්සපුගල ගොවි අරගලය දිය කර හැරීමට : ආණ්ඩුවේ උත්සාහයක් !

වල්සපුගල ගොවි අරගලය දිය කර හැරීමට : ආණ්ඩුවේ උත්සාහයක් !

වනජීවි අධ්‍යක්ෂක ජනරාල් විසින් හමිබන්තොට අලිකළමණාකරණ රක්ෂිතිය ගැසටි කරන බව ලිඛිත පෙරොන්දුවක්  දී ඇති බවට  පිරිසක් විසින් කර ඇති ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කරමින් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ගොවි ජනතාව විසින් අලි ඇතුන්ගේ වාසභූමි ආරක්ෂා කිරීම උදේසා ආරමිබකල මාරන්තික උපවාසය දියත්කලේ ගොවිජනතාවගේ කැප කිරීමෙනි . ගොවිජනතාවගේ සටන් මැදට කඩා පනිමින් ව්‍යාජ ප්‍රකාශ කර ඔහුන්ගේ අරගලය දිය කරහැරීමට කවුරුන්හෝ උත්සහ කරන්නේනමි ඒ වැනි ක්‍රීයා අප තරයේ හෙළා දකින්නෙමු.

ඒ අතර හමිබන්තොට අළි කළමණාකරණ  රක්ෂිතය ගැසටි කරන බවට ගොවියන්ට පොරොන්දු දී යොජිත රක්ෂිතයේ ඉඩමි "සමාගමි හා පුද්ගලයන්ට රජය විසින් ලබාදී ඇති අතර ගොවි අරගලය දියත් වන විටත් යොජිත අලි කළමණාකරණ රක්ෂිතයට අයිති වනාන්තර ඉඩමි කැලෑ කපමින්  මෙි වන විටත් වනසමින් ඇත .

 අලි ඇතුන් හාරසියයක් පමණ දෙනාට අවශ්‍ය ඉඩකඩ සලසන යොජිත අලිකළමණාකරන රක්ෂිතය දැනටමත්   සංවර්ධන කටයුතු වලට යැයි කියමින් ගොන්නොරුව සිට බුරුතකන්ද දක්වා කුලු වැවි ගණනාවක් ඇති අක්කර දෙදහසකට වැඩි ප්රමාණයක් මෙි වන විට නිදහස් කර ඇති අතර ප්රදේශයේ ජල පොෂිත මෙන්ම අලි ඇතුන්ගේ ජල අවශ්යතාවය ඉටුකල වැවි පවා යොජිත රක්ෂිතයට අහිමි කරමින් ඇත . එමෙින්  බුරුතකන්ද සූර්ය  බලාගාරය සඳහා අක්කර 500 ක් වෙන් කර ඇති අතර වලස්පුගල සහ දිවුල්පැලැස්ස  බලශක්ති   ගම්මානයක්  ඉදිකිරීම තවත් අක්කර 300 කට වෙන් කර ඇත .

දැනටත් යොජිත රක්ෂිතයේ වනාන්තර වනසමින් ඇති අතර අලි කළමණාකරණ රක්ෂිතය ගැසටි කිරීම කල් අරිමින් සිටින්නේ රජය විසින් යොජිත අලිකළමණාකරන රක්ෂිතයේන්  හිතවතුන්ට දී ඇති ඉඩමි එළිපෙහෙළි කරගන අවසන් කරගන්නා තුරුය . ඒ අනුව ගැසටි පත්‍රය නිකුත්වීමට නියමිත දිනය වන තෙක් සංවර්ධනය නොකල ඉඩමි පමණක් රක්ෂිතය ලෙස ගැසටි කිරීමට බොහොවිට ඉඩකඩ ඇත.

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න