ළමා ශ්‍රමය පිටුදැකීමට අවබෝධතා ගිවිසුමක් : ඇමති නිමල්ගේ වැඩක් !

ළමා ශ්‍රමය පිටුදැකීමට අවබෝධතා ගිවිසුමක් : ඇමති නිමල්ගේ වැඩක් !

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ළමා ශ්‍රමය පිටු දැකීමට අදාළව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදුව ඇත.

මෙරට කම්කරු නීති හා ළමා ශ්‍රමය පිළිබඳව බාලදක්ෂිකාවන් දැනුවත් කිරීම හා බාලදක්ෂිකාවන් මගින් පරිවාර සමාජය දැනුම්වත් කිරීම එහි  අරමුණ බව සඳහන්ය.

මෙහි විශේෂත්වය වන්නේ ළමා ශ්‍රමය පිටු දැකීම සම්බන්ධව කටයුතු කරන බාලදක්ෂිකාවන්ට ඒ සම්බන්ධව ළමා ශ්‍රමය පිටු දැකීමේ බාලදක්ෂිකා පදක්කම පිරිනැමීමට තීරණය කර තිබීමයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා ඇත්තේ  වෘත්තීය සමිතිවල පවතින පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතු බවයි. විශාල කාන්තාවන් ප්‍රමාණයක් සාමාජිකත්වය දරන වතු වෘත්තීය සමිතිවල ද ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ නැති අතර එම නිසා කාන්තාවන්ට වෘත්තීය සමිතිවල ද සාධාරණ නියෝජනයක් ලබා දීම සඳහා පවතින අණ පනත් යථාවත් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

”මේ රටේ දේශපාලනයේ තවමත් කාන්තාව සිටින්නේ පිරිමියාට පිටුපසින්.පළාත් පාලන ආයතන වල 25% ක කාන්තා නියෝජනය අනිවාර්ය කළ යුතු බවට යෝජනාව ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම වත්මන් රජයේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලත් අනිවාර්යෙන්ම 25% කාන්තා සභික නියෝජනයක් තිබිය බවට යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඒමට නියමිතයි. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල ශ්‍රම දායකත්වයක් ලබාදෙන වතු කම්කරු ජනතාවට වැඩබිමක තිබිය යුතු අවම පහසුකම් එම වැඩ කරන ජනතාවට ලබාදීමට සුරක්ෂිත කරදීමටත් මේ වසරේ දී කම්කරු දෙපාර්තමේන්තුව විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු යි. එසේම අපේ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන සාධකයක් වන එම විදේශ රැකියාවල නියුතු කාන්තාවන් සූරා කෑමට ඉඩ දිය නැති බවත්,ඔවුන්ට ශක්තිමත් රක්ෂණ ආවරණයක් ලබාදිය යුතු යි.” එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න