අපේක්ෂකයා බැසිල් නම් ඇයි මේ විමල් භීතියක් : ආණ්ඩුවේ අයටත් ප්‍රශ්නයක් !

අපේක්ෂකයා බැසිල් නම් ඇයි මේ විමල් භීතියක් : ආණ්ඩුවේ අයටත් ප්‍රශ්නයක් !

2024දී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ  ඉදිරිපත් නොවන්නේ නම් සහ මහින්ද රාජපක්ෂට ඉදිරිපත් වීමටත් නොහැකි නිසා ඊට සුදුසුම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂ  බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මේ බව පැවසීය.

කෙසේ වෙතත් ගෝටාභය රාජපක්ෂට තවදුරටත් ජනාධිපතිධුරයේ සිටින්නැයි මෙරට ජනතාව එදා සේම ඉල්ලා සිටිනු ඇතැයි ද පැවසූ ඔහු විවිධ ප්‍රකාශ කර පොහොට්ටුව විනාශ කරන්න හදන අයගේ සිහින සැබෑ නොවන බවද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරණය සඳහා  ඉදිරිපත් නොවන්නේ නම් සියලු පක්ෂ එක් කරගෙන රටේ ජනතාවට සේවය කළ හැකි බුද්ධිමත් නායකයෙක් සිටින්නේ බැසිල් රාජපක්ෂ පමණක් යැයිද ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාට අකමැති අය මඩ ගසන බවත් එනමුත් ඔහුට හෝ පොහොට්ටුව වැට්වවීමට කිසිදු පුළුවන්කමක් නැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

එහිදී ඔහු අමාත්‍ය විමල් විරවංශට එරෙහිව කරුණු දක්වමින් පැවසුයේ විමල් දේශපාලන තක්කඩියකු බවයි. 

 ''විමල් විරවංශ මැතිතුමා ප්‍රකාශයක් කරනවා දේශපාලනයේ තක්කඩියෝ ඉන්නවා කියලා. ඇත්තටම අපි කියන්න ඕන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉන්න නායකයෝ මේ රටේ ජනතාවට ආදරය කරන, පරිසරයට ආදරය කරන සංවේදි නායකයෝ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තක්කඩියෝ නෑ. හැබැයි සමර වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වුණු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ දේශපාලන තක්කඩියෝ ඉන්න පුළුවන්. එහෙට මෙහෙට රිලව් වගේ පැනලා අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වැඩපිළිවෙල හයියෙන් ගිරියටින් කෑ ගහලා ප්‍රකාශ කරන්න පුළුවන්. එත් මේ රටේ වැඩ කොටස කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ඒ කාලේ. ඒ නිසා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දේශපාලන තක්කඩියෝ නෑ. හවුල්කාර පක්ෂය තුළ සමහර විට ඔය කියන දේශපාලන තක්කඩියෙක් ඉන්න පුළුවන්’

විමල් භීතියක් !

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ පිරිස් චෝදනා කරන්නේ බැසිල්වාදී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හමුවේ ආණ්ඩුවට ඇති ලොකුම ප්‍රශ්නය විමල් වීරවංශ අමාත්‍යවරයා බවට මතයක් සමාජයේ නිර්මාණය වෙමින් ඇති බවත් එය ආණ්ඩුවට දේශපාලන වශයෙන් ඉතා හානිකර තත්ත්වයක් බවත්ය. 

විපක්ෂය දුර්වල අවස්ථාවක මේ ආකාරයට ආණ්ඩුව තුළින්ම සිය දේශපාලන අනෙකා සොයා ගැනීම ඛේදවාචකයක් බවත් ඒ හරහා "ස ෆේල්" මතය තහඩුරටත් සමාජය හමුවේ ඔප්පු කිරීමක් සිදුවන බවත් ඔවුන්ගේ මතය වී ඇත.

රාජපක්ෂ පවුලේ අයකුට මිස වෙනත් කිසිවෙකුට පොදුජන පෙරමුණ තුළ නායකත්ව භූමිකාව නොලැබෙන බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවන බවත් ඒ තුළ සිටින පිරිස ඊට හිත හදාගත් අය බවත් මෙම පිරිසේ මතය වී තිබේ.

මේ අතර පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ ආණ්ඩුවේ බැසිල්වාදී මන්ත්‍රී කණ්ඩායම වීරවංශ අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවට අදහස් දැක්වීමට තරම් දුරයාම ගැනත් ඔවුන්ගේ අවධානය යොමුව පවතී. 

මෙහිදී මෙම පාර්ශවය පවසන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති ප්‍රශ්න කඩිනමින් විසඳාගෙන ජනතාවට දැනෙන යමක් සිදුකිරීමට අවධානය යොමුකළ යුතු බවයි. එබැවින් ආණ්ඩුව තුළ බිල්ලන් ගැන කියමින් කාලය කාදැමීම වෙනුවට තියාගන්න බැරි පිරිස ගැන තීන්දුවක් ගත යුතු බවත් ඔවුන් සඳහන් කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න