කෝටි 1595 - සීනි බදු කොල්ලය : නම් ලැයිස්තුව සමඟ සුනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට !

කෝටි 1595 - සීනි බදු කොල්ලය : නම් ලැයිස්තුව සමඟ සුනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට !

මෙරටට සීනි ආනයනය කිරීමේදී පැනවූ බදු සහනයෙන් රජයට රුපියල් කොටි 1595 කට අධික බදු මුදලක් අහිමි කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ  මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලෙකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙකුය.

එහිදී පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ, රජයට එවැනි අති විශාල පාඩුවක් කරමින් සීනි ආනයනය කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙසත් එම දූෂණය වැලැක්වීමට අපොහොසත්වීම හෝ පැහැර හැරීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තතරකරුවන්, රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.

පාඩුව යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු රුපියල් කෝටි 50 ක වන්දියක් අයකරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න