වහාම ඉල්ලා අස්වනු : වියත්මග සාමාජික - ගුවන් විදුලියේ සභාපති ජගත්ට ඇමති දන්වයි

වහාම ඉල්ලා අස්වනු : වියත්මග සාමාජික - ගුවන් විදුලියේ සභාපති ජගත්ට ඇමති දන්වයි
වහාම ක්‍රියාත්මක වන පරිදි  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දන්වා ඇති බව වාර්තා වෙයි.
 
අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ඊයේ (11) දිනයේය.
 
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත්වීම ලබා සිටියේ "වියත්මග" සංවිධානයේ සිටි  විශාරද ජගත් වික්‍රමසිංහය. ඒ අනුව අමාත්‍යවරයාගේ දැනුම්දීම අනුව  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිපුන වාහලතන්ත්‍රී, ගාමිණී විජේසේකර මෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයන්ට මෙලෙස ඉවත්වීමට සිදුව ඇත.
 
අමාත්‍යවරයාගේ මෙම දැනුම්දීමට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගැනීමය.
 
එම ව්‍යාපාරිකයා විකාශනාගාර භූමිය ඩෝසර් කර ඇති බවද දැනගන්නට ඇත.
 
තවද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු සංඛ්‍යාතයක් අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමටද සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කටයුතු කර ඇති බවත් ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යන්තර  ආරංචිමාර්ග අනාවරණය කරයි. ඒ සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින් පිරිසක් පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති අතර එම ලිපිය පහත දැක්වෙයි.

1dc5d759 1592 4552 aa26 bf5eef3832ed

එසේම, ගුවන් විදුලි සංස්ථාවේ තිබු දුර්ලබ පියානෝ දෙකක් ආයතනයෙන් ඉවත්කර ගෙනයාම සම්බන්ධයෙන් වත්මන් සභාපතිවරයාට චෝදනා එල්ලවී ඇති අතර ගුවන් විදුලියේ සභාපතිවරයාගේ වංචා දුෂණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු දක්වමින්, ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමුකිරීමටත් සේවක පිරිස් කටයුතු කර ඇත.
 
එම ලිපිය පහත දැක්වෙයි.
 
a5da1251 32ce 48fc abac 427497ae54fe

728d0bb7 95c8 4f12 b319 463c105e0c64

Jagath 2020.10.02

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න