සීනි බදු වංචාව පිළිබඳ : ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

සීනි බදු වංචාව පිළිබඳ : ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

ආනයනික සීනි සඳහා පනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ල ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමට තිරණය කර තිබේ. 

 හෙට (12) දින පෙ.ව. 10.00ට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරකසභික නීතිඥ සුනිල් වටගල යන සහෝදරයින්ගේ සහභාගිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පැමිණිල්ල ගොනුකිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න