ප්‍රාණජීව යාත්‍රාවට ඔබත් ගොඩවන්න ! (වීඩියෝ)

ප්‍රාණජීව යාත්‍රාවට ඔබත් ගොඩවන්න ! (වීඩියෝ)
සෞඛ්‍ය අමාත්‍යංශය සහ Acra Events සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
 
2021 මාර්තු 27 වනදා පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයේ සංවිධානය කර ඇති මෙම ලේ දන්දීමේ කඳවුර එදින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙයි.
 
මේ කර්තව්‍ය වෙනුවෙන් එක්ව සිටින  "වෙනින්" මාධ්‍ය කණ්ඩායම සඳහන් කරන්නේ , 

"ජීවිතයත් මරණයත් එක්ක සටන් කරන පිළිකා රෝගීන්ට ඔබෙන් ලැබෙන පුංචි ලේ බිංදුව කියන්නේ මහත් ලොකු අපේක්‍ෂාවක්. ACRA ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්දව මේ මාසේ 27 වෙනිදා ප්‍රාණ ජීව යාත්‍රා නමින් ලේ දන් දීමේ පින් කමක් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙනිහි උදෑසන 9 සිට සවස 3 දක්වා පැවැත්වෙනවා. එතනට පැමිණ දවසින් පැය බාගයක් මේ වෙනුවෙන් වැයකරන්නට VENIN අපි ඔබට අරාධනා කරනවා." 

යනුවෙනි. එසේම වෙනින් මාධ්‍ය කණ්ඩායම මේ සම්බන්ධව වීඩියෝවක්ද මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එය පහත දැක්වෙයි.

WhatsApp Image 2021 03 26 at 3.00.55 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න