"මේ මහා ප්රහාරය සිදු වුණාට පසු එදා මගේ ආණ්ඩුවෙන්ම මටත් ගහන්න ගත්තා. විපක්ෂයෙන් මට ගහන්න ගත්තා. හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ. මම මේ තොරතුරු දැනගෙන අවශ්ය ක්රියාමාර්ග ගත්තේ නෑ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නෑ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් මම ම්ලේච්ඡයෙක් නෙමෙයි." යැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකර සිටියේ අද (26) පාර්ලිමේන්තුව අමතමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරුණු දැනගෙන මම අවශ්ය ක්රියාමාර්ග ගත්තේ නෑ කියලා කියනවා. මගේ දේශපාලන ජීවිතයට අවුරුදු පනස් තුනක් වෙනවා. මේ කාලය තුළ මම නින්දා, අපහාස, ගල් මුල් ඒ සියල්ල අත්විදලා තියෙනවා.
බොරුව එක දිගට කිව්වම ඒක ඇත්ත වෙනවා කියලා ගොබෙල්ස් කියලා තියෙනවා. ගොබෙල්ස්ගේ න්යාය අපි අහලා තියෙනවා. ඔ්නම බොරුවක් සිය වතාවකට වඩා කිව්වම ඇත්ත කියලා පිළිගන්නවා.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් මා සම්බනබ්ධයෙන් තියෙන මතයත් ගොබෙල්ස් න්යාය අනුව ඇතිවෙලා තියෙන දෙයක්.
මම පාස්කු කොමිසමට ගියපු අවස්ථාවලදී ජනමාධ්ය හැසිරුණු ආකාරය කණගාටුදායකයි. මේ සභාවේ කවුරුවත් පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාවම කියවන්න නැතිව ඇති. මුළු වාර්තාවම කියවන්නේ නැතිව, කොමිෂන් සභා වාර්තාව ගැන නිගමනවලට එන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ වාර්තාවේ කොටසක් බලලා විතරක් වාද විවාද කරනවා.
මම ජනාධිපති වුනාට ඇමැති මණ්ඩලයෙන් කොටසයි මට සහාය ලබාදුන්නේ. මට කියලා අගමැතිවරයෙක් සිටියේ නෑ. මට කියලා පාර්ලිමේන්තුවක් සිටියේ නෑ. මේ තත්වය තුළ රටට අහිතකර දේවල් වලක්වා ගැනීමට මම හැම විටම උත්සාහ ගත්තා.
මම බලයට පත්වූ කාලයේදී අයි.එස්. ප්රහාර දැඩි ලෙස එලල්වූ කාලයක්. ඒ ත්රස්තවාදී ක්රියා වැඩිවූ නිසා ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ලෝකයේ සිදුවන අයි.එස්. ප්රහාර ගැන සැලකිලිමත් විය යුතු බවත්, අපේ රටේ එවැනි දෙයක් නොවීමට වග බලාගත යුතු බවත් උපදෙස් දුන්නා. 2015 – 16 සිට මම උපදෙස් දුන්නා. මේ වගේ ප්රහාර රට තුළ ඇතිවීම වැලැක්වීමට පියවර ගත යුතු බව ආරක්ෂක මණ්ඩලයේදීත්, පුද්ගලිකවත් කතා කරලා තියෙනවා.
සහරාන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ 2017 වසරේදීයි. වරෙන්තුවක් නිකුත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයෙක්ගේ කාර්යක් නෙමෙයි.
අවුරුදු හතරක් පොලිසිය තිබුණේ මගේ අතේ නෙමෙයි. 2019 ජනවාරි මාසයේදී සහරාන් අත්ඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා මම ආරක්ෂක මණ්ඩලයේදී ඇහුවා. මේ ආකාරයට මුලික වශයෙන් අවශ්ය ක්රියාමාර්ග ගත්තා.
පාස්කු ප්රහාරය සම්බනබ්ධයෙන් අත්අඩංගුවට පත් ත්රස්තවාදීන් සම්බන්ධයෙන් තමයි මූලික වශයෙන් නඩු දැමිය යුතු වන්නේ. ඔවුන්ට නඩු දැමීමට ප්රමාද වන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්න අය ඉදිරියට එන්න පුලුවන්. මොවුන්ට නඩු දැමීම ඉක්මන් කළ යුතුයි.
ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්රහාරයට පෙර ඇමරිකානු බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබෙනවා. මේ ප්රහාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ කිසිදු දේශපාලඥයෙක්ට හෝ බුද්ධි නිලධාරියෙක්ට දඩුවම් ලබාදිය යුතු නැති බව ඒ ගැන සොයා බැලීමට පත් කළ කොමිසම නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයාට හෝ නිලධාරීන්ට අපරාධ නඩු හෝ සිවිල් නඩු පවරන ලෙස නිර්දේශ කර නෑ.
මට මේ ප්රහාරය ගැන තොරතරු කලින් ලැබුණා නම් මම මේ ප්රහාරය ඇතිවීමට ඉඩ ලබාදෙන්නේ නෑ. රට ගැන, ජනතාවට ගැන තිබෙන ගෞරවය, වගකීම පැහැරහැරලා මම පිටරට දුවන මනුස්සයෙක් නෙමෙයි. මගේම ආණ්ඩුවේ ඇමැතිවරු මේ ගැන බොරු ප්රචාර කළේ. මට අවශ්ය තොරතුරු දුන්නානම් කාදිනල්තුමාට දැනුම්දී, කොළඹට ඇදිරිනීතිය දමා අවශ්ය පියවර ගන්නවා. අවශ්ය ස්ථානවලට ආරක්ෂාව දීලා අවශ්ය සියලු ක්රියාමාර්ග ගන්නවා.
පාස්කු ප්රහාරය ගැන මට තොරතරු දුන්නා කියලා කිසිම සාක්ෂිකයක් නැහැ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි අධ්යක්ෂ, රාජ්ය බුද්ධි අධ්යක්ෂ සාක්ෂි දුන්නා. ඒ කිසිම කෙනෙක් ජනාධිපතිවරයාට තොරතරු දුන් බව කියලා නැහැ.
වෛද්ය ප්රතිකාර සදහා මම විදේශ ගතවුනා. අපේ්රල් 20 – 21 දිනවල මම රෝහල් ගතවෙලා සිටියේ. අපේ රෝහල්වලට වඩා එහි නීති රීති තදයි. අපේ්රල් 21 සිද්ධිය වුනාම ජනාධිපති ලේකම්වරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා මට දැනුම් දුන්නා. ත්රස්තවාදීන් මර්දනය කිරීමට අවශ්ය උපදෙස් මම දුරකතනයෙන් දුන්නා. අපේ්රල් 21 ? මම නැවත ලංකාවට ආවා.
මම ලංකාවට ආවට පස්සේ විජිත් මලල්ගොඩ කොමිසම පත් කරලා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්න කියලා කිව්වා. ඉන් පසුව මම කොමිසන් සභාවක් පත් කළා.
මේ ත්රස්ත ප්රහාරයෙන් පසුව බලවත් රටවල බුද්ධි විශේෂඥයින් කණ්ඩායමක් ආවා. ඒ එකම අයෙක්වත් මේ සිද්ධියේ පිටුපස සිටියේ කවුද කියලා වාර්තා කර නැහැ. විදේශ සම්බන්ධතා තිබුණාද කියලා කිසිම වාර්තාවක සදහන් කර නැහැ.
මේ ප්රහාරය සම්බන්ධයෙන් රජය විදියට සාමූහික වගකීම ගත යුතුයි. ආරක්ෂක මණ්ඩලස ව්යවස්ථාපිත ආයතනයක් නෙමෙයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධිමත් ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කළ යුතුයි

