ගුවන් තොටුපළෙහි PCR  රසායනාගාරය විකිණීමට වෙර දරන රහසිගත සැලසුමක් !

ගුවන් තොටුපළෙහි PCR  රසායනාගාරය විකිණීමට වෙර දරන රහසිගත සැලසුමක් !

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ රහසිගත වැඩ පිළිවෙලක් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් දියත් කර ඇති බව වර්තා වෙයි. ඒ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් නිකුත් කර ඇති නිවේදනයක් හරහාය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම යටතේ රටේ පවතින වේගවත්ම රසායනාගාර ගුවන් තොටුපල තුල ඉදිකර තිබියදී එය ගලවා දමා, විදෙස් මුල්‍ය සමාගම් මගින් කොමිස් ලබා ගැනීමට දියත් කර ඇති මෙම සැලසුම පිළිබද "වියත්" සෞඛ්‍ය ඇමති වරුන්  මුනිවත රකිමින් සිටියදී, රසායනාගාර සේවාවේ අයිතිකරුවන් සේ පෙනී සිටින සමහර විශේෂ වෛද්‍ය වරුන් ඊට උදව් කරමි තිබේ. ඒ අනූව මුල්‍ය සමාගම විසින් රසායනාගාරය ගුවන් තොටුපල පරිශ්‍රයෙහි ඉදි කොට, සෑම PCR පරීක්ෂණයකින්ම ඩොලර් හතලිහකට වඩා වැඩි මුදලක් අය කරණු ලබයි. මෙය සැලසුමට අදාල කණ්ඩායම් අතර ලාබාංශය බෙදා ගැනීම සදහා සිදුකරන ව්‍යාපාරයක් වන බැවින්, ලාභය වැඩි කරගැනීම සදහා ගුවන් මගින් විසින් සිදුකල යුතු පරීක්ෂණ ප්‍රමාණ පවා තිරණය වණු ඇත.

රටට ආදායම් ඉපයිය හැකි, වගකිව යුතු පරීක්ෂණ වාර්තාවක් ලබා දිය හැකි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය සහිත අති නවීන රසායනාගාරයක් කඩා බිද දමා, පුද්ගලයන් සහ දේශපාලකයන් කීපදෙනෙකුගේ කොමිස් උවමනාව මත මෙලෙස කටයුතු කරන්නට ඉඩදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය බලා සිටීම ඉතා පිළිකුල් සහගත ය.  සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය වරයාගේ මෙම සැලසුමට, ජනාධිපතිවරයා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි අප බලා සිටිමු.

එසේම මෙම ක්‍රියාන්විතය සාර්ථක බව පෙන්වීම උදෙසා පෙන්වා දී ඇති කිසිවක් යථාර්ථයන් නොවන බවද, ඉතා ප්‍රාතමික උපකරණ කිහිපයකට ආයොජනය කර විශාල මුදලක් ඉපයීම ඔවුනගේ සැලසුන බවද පෙන්වා දෙමු.

ඔවුන් පවසන ධාරිතාව සහ පරීක්ෂණ කාළය, සැපයෙන උපකරණ පද්ධතිය මගින් කිසිසේත්ම ලබා දිය නොහැකි අතර එම රසායනාගාරය, දැනට ගැලවීමට සැලසුම් කර ඇති රසායනාගාරයේ අහලකවත් තැබිය නොහැක. තමන්ගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස නොකරමින්, ගුවන් සේවා අමාත්‍යවරයා, ජාත්‍යන්තර මුල්ලෙ සමාගමක් කෙරෙහි මෙතරම් විශ්වාසයක් තැබීමම ප්‍රෝඩාවකි. අහාර, පැලෑටි පරීක්ෂණ මෙන්ම ගුවන්තොටුපල හරහා එහා මෙහා යන ඕනෑම ද්‍රව්‍යක් ක්ෂණික පරීක්ෂාවන්ට ලක් කල හැකි නවීන අනුක ජීවී රසායනාගාරයක් ගුවන් තොටුපලට ලබා දීමේ හැකියාව තිබියදී, කොරෝනා වසංගතය ගසා කෑම සදහාම යොදවා ගැනීමට මාන බලන මෙවැනි සැලසුම් කෙරෙහි ජනාධිපතිවරයාගේ මීට වඩා වැඩි අවධානයක් අපි අපේක්ෂා කරමු.

ජාත්‍යන්තර ගුවන් තොටුපල  තුළ PCR රසායනාගාරයක් ඉදිකරනු ලැබුවේ ගුවන් මගීන්ග්ගේ සහ සංචාරකයන්ගේ PCR කිරීමට අමතරව ගුවන් තොටුපළ හරහා රටට ඇතුළු වන හා පිටවන ආහාර, පැැලෑටි වැනි ද්‍රව්‍යන්ගේ පරීක්ෂණ සදහා ද දීර්ඝකාලීනව සැලසුමක් සහිතව ය. නමුත් එම රසායනාගාරය මට සෑදීමට උත්සාහකල මුල් අවස්ථාවේ සිටම, පෞද්ගලික රසායනාගාරවල තාවකාලිකව සේවය කරන විෂේශඥ  වෛද්‍ය වරු කිහිප දෙනෙකු සහ ඉහළ පෙලේ සෞඛ්‍ය බලධාරීන් ඊට බාධා කරන ලදීී.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඕනෑ තරම් ප්‍රතිපාදන සපයා ගත හැකිව තිබියදී, Zero budget යන සංකල්පය යටතේ එම අභියෝගය ලබා දුන් තත්වයක් යටතේ වුවද, රටේ පවතින හොඳම PCR රසායනාගාර ඉදිකරන්නටත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරයා යමින් වැඩිම PCR ධාරිතාවක් සිදු කරන්නටත් හැකි රසායනාගාරයක් බවට පත් කරන්නටත්, සහයෝගය දුන් අතලොස්සක් දෙනාගේ මහන්සියට හැකි විය. ඒ හේතුවෙන්ම පරිත්‍යාග රැසක් ඊට ලැබුණු අතර එම රසායනාගාරය සදහා ලැබුණු මිලියන 100 ගණනක් වටිනා උපකරණ පරිත්‍යාග සවි කරන්නට අවසර නොදෙමින්රසායනාගාර යේ කටයුතු කඩාකප්පල් කිරීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන ලදි.

රට විවෘත කර මගින්, රට තුලට ගුවන් මගීන් පැමිනීම ආරම්භ කරන්නටත් පෙර, ගුවන් තොටුපළ තුළ පරීක්ෂණ සඳහාPCR නිදර්ශක ලබා ගැනීමේ කණ්ඩායම ඉවත්කර ගන්නා ලදී. ඒ අනුව හෝටල් තුළ නිදර්ශක ලබාගනිමිනි දේශපාලන හිතවත්කම් ඇති  පෞද්ගලික රසායනාගාරයක් ඉලක්ක කරගනිමින් සියලු ගුවන් මගීන්ගේ පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීම ඉතා සූක්ෂමව සිදු කරන ලදී. 

ගුවන්තොටුපල රසායනාගාර කටයුතු මාෆියාවක් බවට පරිවර්තනය නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරගෙන යෑමට ඉඩ ලබා නොදෙමින්, මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැකියාව දෙකේ කොළයට දැමීම පිළිබඳව  රසායනාගාර සේවාවේ අයිතිකරුවන් සේ පෙනී සිටිනසමහර විශේෂඥ වෛද්‍ය වරුන්  මෙවන් කටයුතු වල දී කොමිස් අපේක්ෂාවෙන් නිහඬ ව සිටිමේ පිළිවෙත ද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. 

එසේම කොරෝනා වසංගත විකුණාගෙන කෑම සදහා කරලියට ගෙන එන සෑම ව්‍යාපාරයක්ම් භාධාවකින් තොරව සිය කාර්‍ය කරගෙන යන බවක් පෙනෙන්නට තිබෙන බැවින්, ගුවන් සේවා ඇමති වරයාගේ හැසිරීම කෙසේ වෙතත්, මේ පිළිබදව ජනාධිපතිවරයාගේ නිහඩතාවය අප අපේක්ෂා නොකරනලද තත්වයකි.

රවී කුමුදේශ් සභාපති 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න