මම මේ දවස් වල ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවන වැඩේ ඉන්නේ - මෛත්‍රී

මම මේ දවස් වල ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවන වැඩේ ඉන්නේ - මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් යෝධයා නැගිටවීමේ වැඩපිළිවෙළේ දැන් තමන් සිටින බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින්ය.

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ අතර රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ලිපි එවන බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ සෑම ප්‍රදේශයේ ජනතාව විමසන බවද සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගිටවීම ජනතා අවශ්‍යතාවයක් බවට පත්වී ඇතැයි ද පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න