ආනයනික පොල්තෙල් වල ප්‍රබල පිළිකාකාරක තහවුරුයි : ප්‍රමිතියට තවත් චෝදනාවක් !

ආනයනික පොල්තෙල් වල ප්‍රබල පිළිකාකාරක තහවුරුයි : ප්‍රමිතියට තවත් චෝදනාවක් !

ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ, සමාගම් 03ක් විසින් ඉදිරිපත් කළ අභියාචනා මත සාම්පල දෙවන වර පරීක්ෂාව සිදුකිරීමේදී මේ බව තහවුරු වූ බවය.

ඒ අනුව තෙල් තොග සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

“ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් 183,000 ක් අඩංගු බහාලුම් 13 ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් පසුගියදා හෙළිදරව් කළේය.

කෙසේවෙතත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් බවය.

මෙවැනි පසුබිමක එම සමාගම් සිදුකළ අභියාචනා මත, පිරිපහදු නොකළ පොල්තෙල් සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කළේය.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල “ඇෆ්ලටොක්සින්“නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.

ඒ අනුව බහාලුම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

ප්‍රමිතියට තවත් චෝදනාවක් !

කෙසේවුවත් lanka truth  වෙබ් අඩවිය වෙනස් ආකාරයක පුවතක් පළකර ඇති අතර එහි මෙසේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට පොල්තෙල් ආනයනය කරන සමාගම් හතරක පොල්තෙල් පරීක්ෂා කරන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රටට හෙළි කළත් තවත් ආයතනයක තෙල් තොගයක් පරීක්ෂා කිරීමකින් තොරවම මුදාහැර ඇතැයි වාර්තා වේ. පරීක්ෂා කිරීමට ලක්කළ ආයතන වන්නේ අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් පිරිපහදුව, එදිරිසිංහ එජාබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුව යන ආයතනය.

එම ව්‍යාපාරික ආයතනයේ පැරණි ආනයන වාර්තා පමණක් පරීක්ෂා කර මෙම මුදාහැරීම ප්‍රමිත ආයතනය විසින් සිදුකර ඇත. එම පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් විශ රසායනය අඩංගුද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් පරීක්ෂා කර නොමැත.

2werfd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න