යුක්තිය ඉටුකිරීමට දේශපාලන බාධා එපා : කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව !

යුක්තිය ඉටුකිරීමට දේශපාලන බාධා එපා : කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන කිසිදු දේශපාලන බලපෑමක් නොකරන ලෙස රජයෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව පවසයි.

අද (29) නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරන අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමට නම් ඉදිරියේදි ගතයුතු පියවර 04ක්ද ඔවුන් දක්වා තිබේ. 

ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව වගකිවයුත්තන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනම් කර ඔවුන් නීතිය හමුවට ගෙන ඒම.

ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි එය වළක්වා ගැනීමේ වගකීම සිතා මතා පැහැර හැරි - නෛතික පියවර ගැනීමට ජනාධිපති කොමිසමද නිර්දේශ කර ඇති දේශපාලන නායකයින් සහ නිලධාරින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් සම්පුර්ණයෙන්ම තහනම් කිරීම එම පියවර හතරයි.

එම ඉල්ලීම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 02ක් ගතවන 2021 අප්‍රේල් 21 දිනට පෙර ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදාළ මුල් පියවරක් හෝ තැබීමට රජය අසමත්වුවහොත් ඉදිරියේදි විරෝධතා ක්‍රියාමාර්ග රට පුරා ශක්තිමත්ව දියත් කරන බව එම කමිටුව අවධාරණය කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

a

b

c

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න