විදුලි ජනනයේ අඩුපාඩු සෙවීමට අනුකාරක සභාවක්

විදුලි ජනනයේ අඩුපාඩු සෙවීමට අනුකාරක සභාවක්

විදුලි ජනන සැලසුම් අඩුපාඩු අවම කිරීම සඳහා ක්‍රියාමර්ග ගැනීමට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ මූලිකත්වයෙන් ඇමැති අනුකාරක සභාවක් පත් කරයි.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් අනුම මෙම අනුකාරක සභාව පත් කර ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන ඇමැතිවරු එම ඇමැති අනුකාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.

පුනර්ජනනීය බලශක්තිය උපරිමයෙන් යොදාගත් විදුලි ජනනයෙන් සියයට 70ක් පිවිතුරු බලශක්ති ප්‍රභවයන් විය යුතු බව සෞභාග්‍යයේ දැක්මෙහි අවධාරණය කොට ඇති හෙයින් 2025 වසර වන විට ඩීසල් හා දැවිතෙල් භාවිතයට  5% දක්වා අවම කිරීමත්, 2030 දී එය 1%  දක්වා සීම කිරීමත් විදුලිබල අමාත්‍යංශයේ පිළිවෙත බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න