ෆොන්සේකාට පරුෂ වචන කී චමල් පසුව කියපු කතාව !

ෆොන්සේකාට පරුෂ වචන කී චමල් පසුව කියපු කතාව !

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිදු කරනු ලැබූ ප්‍රකාශයකට අමත්‍ය චමල් රාජපක්ෂ ඉතා අපකීර්තිමත් අයුරින්  ප්‍රතිචාර දැක්වීමක් සිදුවූ අතර පසුව ඔහු ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටියේය.

 අද (08) පෙරවරුවේ ඇතිවූ මේ උණුසුම් තත්වය හමුවේ කතානයාකවරයා පාර්ලිමේන්තුව විනාඩි පහකට කල්තබණු ලැබිණ.

2010 – 2015 රාජපක්ෂ පාලන සමයේදී තමන්ට ඉතාමත් තිරිසන් ලෙස සැළකූ බවත් කැළෑ උසාවියකින් දුන් දඬුවමක් අනුව කතානායකවරයා තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව නොදුන් බව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග චමල් රාජපක්ෂ ඇමතිවරයා පරුෂ වචන කියමින් ගුටිබැට හුවමාරුවකට මෙන් " තමුසෙ බූරුවා ..එළියට එනවා පෙන්නන්න " යනුවෙන් පවසමින් ආවේගශීලීව අදහස් දැක්වීය.

කෙසේවුවත් පසුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා සිටියේ තමන් අතින් පාර්ලිමේන්තුවේදී කිසිවකුගේ හෝ සිත් රිදුණේ නම් තමන් ඒ ගැන කණගාටු වන බවය.

කල් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුව නැවත රැස්වූ අවස්ථාවේ ඇතිවූ සිදුවීම සම්බන්ධව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න