අලුත් අවුරුදු  කිරි බත වෙනුවට සිරබත් කන සිවිල් ක්‍රියාධරයා !

අලුත් අවුරුදු  කිරි බත වෙනුවට සිරබත් කන සිවිල් ක්‍රියාධරයා !

බක් මහේ අසිරිමත් මංගල්‍යට වස විසෙන් තොර ආහාර පාන ජනතාවට බුක්තිවිදීමට ඇති අයිතියත්, සතොස හරහා රුපියල් 1000ක සහන මල්ලේ අඩංගු ආහාරවල ප්‍රමිතිය,මිල හා වංචාවක් පිළිබඳ දැවැන්ත විවේචනයක් සමගින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්ව මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඊයේ (13) ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ වොක්ෂෝලි විදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළව නිකුත්කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.                

පසු ගිය කාලය පුරාවටම ප්‍රභල සිවිල් ක්‍රියාකාරියකු ලෙස මහජනතාවගේ ගැටලු වෙනුවෙන් විශාල හඬක් නැගූ අසේල සම්පත්ට මෙවර නව අවුරුදු සැමරුම අහිමි වූයේ ඔහු විසින් දිගින් දිගටම ජනතාව වෙනුවෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව නිසාවෙනි…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න