Language Switcher

V2025

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ.

ඒ අනුව විස්ඩන් සඟරාව 2000 මුල් දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.

ලෝක එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සගරාව විසින් 1971 වසරේ සිට 2021 වසර දක්වා වු එක් එක් දශකයේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ.

මුරලිදරන් එම දශකය තුළ කඩුලු 335 ක් දවාගැනිමින් දශයකදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබුණි.

මුත්තයියා මුරලිදරන් 2010 වසරේ ටෙස්ට් කඩුලු 800 ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස නව වාර්තාවක් ද පිහිටුවීය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික කඩුලු ලාභියා ද වන මුරලිදරන් එක්දින ජාත්‍යන්තර 534 ක් ද දවාගැනීමට සමත් විය.

මුරලිදරන් 2011 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

70 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් නම්කර ඇති අතර 80 දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ හිටපු ඉන්දීය නායකයෙකු සහ ඉන්දියාවට පළමු එක්දින ලෝක කුසලානය දිනා දුන් කපිල් දේව්.

ඉන්දීය හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර් 90 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.

ඉන්දීය නායක විරාට් කෝලි 2010 වසරින් ආරම්භ කළ දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.