මැයි 1 වෙනිදා ශ්‍රීලනිපය තනියම : පොහොට්ටු පාළුවට සිරිපාල !

මැයි 1 වෙනිදා ශ්‍රීලනිපය තනියම : පොහොට්ටු පාළුවට සිරිපාල !

එළඹෙන  මැයි 1 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර  සඳහන් කරන්නේ ආණ්ඩුවේ සෙසු පක්ෂවලටද ඊට එක් වන්නැයි ආරාධනා කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන මැයි රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්වන බවද ඔහු පැවසුවේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඇතුළු සන්ධානයේ සියලු පක්ෂවලට එම මැයි රැලිය සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවද පැවසූ ඔහු සඳහා වන ආරාධනා පත්‍ර ද යවන බව ද පැවසීය.

ඔහු මේ බව සන්ද්ඵහන් කර සිටියේ ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න