කොට්ඨාසයකට තුනයි : සටන බැසිල් දිනයි !

කොට්ඨාසයකට තුනයි : සටන බැසිල් දිනයි !

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එනම් "සෙසු පක්ෂ" ඇතුළුව  එකඟතාවය පළ වී ඇති බව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කරයි.

ඊට අනුව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  මෙම එකඟතාවය පළ කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මිලාන් ජයතිලක විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා එය ස්ථිර කර තිබේ.

මෙම හමුව සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ, පොදුජන පෙරමුණ තීන්දු හමුවේ එහි සහයක පක්ෂ සිය යටහත්පත් බව මේ හරහා ඔප්පු කර ඇති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති නමුත් ඊට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ඊට පක්ෂ නායකයන් නොවන පනස් ගණනක පිරිසක් සහභාගී කිරීම හේතුවෙන් විමල්, බැසිල්, ගම්මන්පිල යන අමාත්‍යවරුන් එම සාකච්ඡාවෙන් බැහැරව තිබිණ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න