මැයි සැමරුම් නතර කිරීම සහ ශ්‍රිලනිප තීන්දුව අතර සම්බන්ධයක් තියෙනවාද ?

මැයි සැමරුම් නතර කිරීම සහ ශ්‍රිලනිප තීන්දුව අතර සම්බන්ධයක් තියෙනවාද ?

ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නො පැවැත්වීමට තීරණයක් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත දැනුම්දී ඇත.

එහිදී ඔහු  සඳහන් කර ඇත්තේ  කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි.

සියලු දේශපාලන පක්ෂ මෙම මේ සඳහා එකග වූ බවද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව මැයි දින සැමරුම සිදුකිරීම සහ පොදුජන සන්ධාන ආණ්ඩුවේ "සෙසු පක්ෂ" විරෝධය දක්වා තිබියදී   පළාත් සභා මැතිවරණය තුළ කොට්ඨාසයක් සඳහා අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කරන යෝජනාවක් සම්මත කිරීමට පොදුජන පෙරමුණ කටයුතු කිරීමට  විරෝධය දැක්වීමට සෙසු පක්ෂ ශ්‍රිලනිප මැයි රැලියට එකතුවීමේ සූදානමක් පැවතීමත් මෙකී තීන්දුව ගැනීමට හේතු වූ බවට සැකයක් පෙන්නුම් කරන බවයි.

එම මතය වැඩිදුරටත් සාධාරණීකරණය කිරීමට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊයේ (19) රාත්‍රි වන විටත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් මැයි දින සැමරුම සම්බන්ධව අදහස් දක්වමින් සිටි බවයි.

ඒ අතර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී ලොකුගේ වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම අලුත් අවුරුදු අවස්ථාවේ සහ සාමාන්‍ය ජනහමු උත්සව කිසිවක් පාලනය නොකිරීමත් එවැනි පසුබිමක මෙවැනි තීන්දුවක් ක්ෂණික ලෙස ගැනීම තුළ තම සැකය තාර්කික කරන බවත් විචාරක අදහස වී ඇත.

මේ  සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්‍ය මණ්ඩල සාමාජිකයකු වූ නීතිඥ භාරත තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිනුමේ පහත සටහන තබා තිබුණි.

IMG 20210420 181741

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න