Language Switcher

V2025

යෝජිත වරාය නගර කොමිසම : ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පතුරු ගසයි !

යෝජිත වරාය නගර කොමිසම මංකොල්ලකාරී හොර ධනවතුන් කණ්ඩායමකට නීතියේ පාලනයෙන් තොරව අයථා වාසි ලැබීමට මගපෑදීමක් බව නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද (20) දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ.  එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට වන බවයි.  වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන ලද්දේ එය සමානවන්නේ අමරිකා එක්සත් ජනපදය හා පෝටෝරිකෝව අතර පවතින ෆෙඩරසි පන්නයේ නෛතික ව්‍යූහයකට වන බවයි.

ඒ අනුව මෙම කොමිසමේ පැවැත්ම මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් බවට ඇති අනුලංඝනීය පිලිගැනීම උල්ංඝනය කරන බව පෙන්වා දුන් නීතිඥ  ශිරාල් ලක්තිලක එයින් පාර්ලිමේන්තුව සතුව නීති සැදීම සඳහා වන උත්තරීතර බලය පහැර ගෙන තිබෙන බවද සඳහන් කරන ලදී.

තවද අප ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන අපේ පාලන ක්‍රමය නිදහස් ස්වාධීන, ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට ඇති පිලිගැනීම මෙම පනත මගින් පරාජය කොට තිබෙන බව අධිකරණය හමුවේ පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක  ලෝකයේ මෙන්ම අප රටේ ද විදේශ ආයෝජන ආරක්ෂා කරගැනීම සඳහා විවිධ නෛතික ව්‍යුහයන් අතීතයේ සිට හඳුන්වා දී තිබුනද මෙවැනි ආකාරයේ ෆෙඩරල් පන්නයේ බලතල සහිත ව්‍යුහයක් හඳුන්වාදීම පිලිබඳව කිසිදු පුර්වාදර්ශයක් අපට සොයාගත නොහැකි බවද පවසා සිටින ලදී.

මෙම පනත මගින් සත්‍යවශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යුහය  මංකොල්ලකාරී හොර ධනවතුන් කන්ඩායමකට වඩාත් වාසි සහගත වන එකක් බවත් එමගින් සදාචාර විරෝධීව හා කිසිදු ආකරයකින් නීතියේ පාලනයකට, පාර්ලිමේන්තුවේ පාලනයකට හෝ විගණකාධිපතිවරයාගේ පාලනයකට නතු නොවී කිසිදු නෛතික වගකීමකින් හෝ පෙරලා බදු ගෙවීමෙන් ද තොරව ලාභ ලබාගෙන එම ලාභය තමන්ගේ පුද්ගලික ගිනුමකට බැර කරගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවත් ප්‍රකාශකල නීතිඥ  ශිරාල් ලක්තිලක රටටද පුරවැසින්ටද මෙමගින් අත්වන වාසිය සොච්චම් ප්‍රමාණයක් බවද කරුණු සහිතව පෙන්වා දෙන ලදී.  

එම නිසා නඩුකටයුතු ආරම්භයේ දී ඉදිරිපත් කල තාක්ෂනික පදනම් මත මෙම කෙටුම් පත සාකච්ඡාවට නොගෙනම අධිකරනය විසින් මුලසිටම ශුන්‍ය කෙටුම්පතක් ලෙස සලකා ප්‍රතිකෂේප කරන ලෙසද  එසේ නොමැති නම් ජනමතවිචාරනයකින් රටේ ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකරන ලෙස ද ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.