Language Switcher

V2025

පාස්කු ප්‍රහාරය ගැන මනුෂගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු කවුරුන්දැයි අනාවරණය කරගැනිම අප සියලූදෙනාගේම වගකීම බවත් පාස්කු කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි හමුවේ ගොස් මහ මොළකරු සොයා ගත යුතු බවත් සමගි ජන බලවේගෙයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවේය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පත් කළ ජනාධිපති කොමිසන් සභාව හමුවේ ඉදිරිපත්වූ සාක්ෂි වාර්තාවට ඇතුළත්වී නැති බව පෙන්වාදුන් මන්ත‍්‍රිවරයා මෙම සාක්ෂි අනුව යමින් මහ මොළකරු සොයා ගැනිම සියලූදෙනාගේම වගකීම බවද පැවසුවේය.

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

මම අද පාර්ලිමේන්තුවේදි කියන කතාවට කවුරුන් හෝ බාධා කරනවා නම් ඒ බාධා කරන කරන අය පාස්කු ප‍්‍රාහාරයට සම්බන්ධ අය එළිවීම වැලැක්වීමට උත්සාහ ගන්නා අයයි. දැන් ආණ්ඩුව තෝරා ගත්ත මවුලවි කෙනෙක් පිට මේ ප‍්‍රහාරයේ  වගකීම පැටවීමට උත්සාහ ගන්නවා.

ඇත්තටම කළ යුතුව තිබෙන්නේ මේ ප‍්‍රහාරයට සම්න්ධ සැබෑ පුද්ගලයින් සොයා ගැනීමයි. පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සාභා වාර්තාව ගැන කාදිනල්තුමා විවිධ අවස්ථාවලදී විවිධ කතා කිව්වා.

විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ලැබුණ ආකාරයේ දුරකතන ඇමතුමක් බලපෑමක් කාදිනල්තුමාට ඇවිත් කලින් කියපු කතා වෙනස් කළාය කියලා ජනතාවට සැකයක් තියෙනවා.

ටාජ් සමුද්‍රා හෝටලයට ප‍්‍රහාරයක් එල්ල කිරිමට පැමිනි ජමීල් නැමැති පුද්ගලයා දෙහිවලදී තමයි බෝම්බය පුපුරවාගත්තේ. ප‍්‍රහාරයට කලින් මේ මෝබ්මකරුගේ නිවසට බුද්ධි අංශයේ හා ත‍්‍රස්ත විමර්ශණ ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා එහි ගොස් තිබෙන්නේ ජමීල් නැමැති පුද්ගලයා මේ ප‍්‍රහාරයට සම්බන්ධ බවට බුද්ධි අංශ කල් තබා දන්නා නිසා. මේ බව පොලිස්පති පූජිත ජයසුන්දර කියා තිබුණා. මේ ගැන පරීක්ෂණයක් කරලා තිබෙනවාද?

ශානි අත්අඩංගුවට ගත්ත සැකකරු !

තාක්ෂණ ක‍්‍රමවේද මගින් සොයා ගත් සැකකරුවෙක් ශානි අබේසේකර විසින් අත්අඩංගවට ගැනීමෙන් පසුව හමුදා බුද්ධි අංශ විසින් රැගෙන ගොස් තිබෙනවා. මෙය තමන්ගේ මෙහෙයුමක් බව කියමින් තමයි ඔහු රැගෙන ගොස් තිබෙන්නේ.  

මේ නිලධාරියා සහරාන් සමග තිබෙන සම්බන්ධතා පිළිබද පරීක්ෂණ පවත්වා තිබෙනවාද? කටාර් සිට පැමිණෙන මාතලේ සහරාන් නැමති පුද්ගලයා හමුවීමට බුද්ධි අංශයේ සොනික් සොනික් නමින් හැදින්වෙන නිලධාරියා ගොස් හමුවෙනවා. මේ පුද්ගලයා ගොස් ප‍්‍රහාරයේ වගකීම අයි එස් නායක අල් බග්දාදි භාර නොගන්නේ ඇයි කියලා ප‍්‍රශ්ණ කරනවා. එතකොට දිවුරුම තවම එළියට ඇවිත් නැහැ කියලා කියනවා. ඒ  වෙලාවේ එතැන සිට ඉන්දුනීසියාවට දුරකතන ඇමතුමක් යනවා. හරි අපි දැන් එ් වීඩියෝව එළියට දාන්නම් කියලා කිව්වට පස්සේ තමයි අල් බග්දාදි ලංකාවේ ප‍්‍රහාරයේ වගකීම භාරගත්තේ.

මේ කරුණු අරගෙන තියෙන්නේ පාස්කු කොමිසමේදී එළිදරව් වූ කරුණු. මේවා ගැන සොයා නොබැලීම තමයි තිබෙන ප‍්‍රශ්ණය. සාරා නැමති කාන්තාව ගැන පැහැදිළිකමක් නෑ ඇය ගැන ඞී එන් එ් පරීක්ෂණයක් කළ යුතුු බව සරත් වීරසේකර ඇමැතිවරයා පවසනවා.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ත‍්‍රස්තවාදින් කාත්තන්කුඩි නිවසේදී පුපුරවාගැනීමක් කළ අවස්ථාවේදී දහ නම දෙනෙක් එ් නිවසේ සිට තිබෙනවා.  එයින් දහසය දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ  අය අතර සාරාගේ, අර්ජුන් මහින්කන්ද පොලිස් නිලධාරියා සාක්ෂි ලබාදෙමින් කියා තිබෙන්නේ සාරා නැමති කාන්තාව මුහුදෙන් ඉන්දියාවට ගොස් තිබෙන බවත් ඒ සදහා සාක්ෂි ඉදිරිපත් කිරිමට හැකි බවක් පාස්කු කොමිසමට දැනුම්දී තිබෙනවා. එහෙම කොමිසමට දැනුම්දී තිබියදී සරත් විරසේකර ඇමැතිවරයා සාරා ගැන තොරතරු නැහැ කියනවා.

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මේ විදියට සාරා ගැන තොරතුරු වසන් කරන්නේ ඇයි? සාරා ගැන තොරතරු කොමිසම හමුවේ හෙළි වී තිබියදී තමයි මේ කරුණු සැගවීමට ඇමැතිවරයා උත්සාහ ගන්නේ. සාරා නැමති කාන්තාවට පැන යාමට උදව් කළ පොලිස් නිලධාරියා මේ වන විට ත‍්‍රස්ත විමර්ශණ ඒකකයේ  රදවාගෙන තිනෙවා. මේ තොරතුරු තමයි සගවන්නේ. පාස්ක කොමිසමේ වාර්තාව නීතිපතිවරයා ළගට දැන් ගිහින් තියෙනවා.

නීතිපතිවරයා ළගට සාමාන්‍යයෙන් යන්නේ පොලිස් නිලධාරින්. ඒ අවශ්‍ය සහාය ලබාදීම සදහා. ඒත්  බුද්ධි අංශයට නායකත්වය ලබාදෙන යම් පුද්ගලයෙක් මේ ගැන සාකච්ඡා කරන අවස්ථාවලට හැමදාම යනවාය කියන ආරංචිය තියෙනවා.

එතකොට මොකටද මේ යන්නේ.

මාධ්‍යවේදීන් ඉවත්කර දුන්න සාක්ෂි !

මේ සියලූ කාරණා ජනාධිපති කොමිසමේ හෙළිවූ කරුණු. නීතීඥයින් සිටින තැන මාධ්‍යවේදීන් අයින් කරලා කරපු කතා තමයි මේ. ශානි අබේසේකර හිරේ දාල තියෙනවා.  

මේ බුද්ධි තොරතුරු ලැබෙන්නේ අපේ‍්‍රල් 4 වැනිදා.

අපේල් මැද වන විට සහරාන්ලට ලක්ෂ හාරසිය තිහක් ලැනෙවා. මෙයින් මස් බෙදනවා. ආයුධ ගන්නවා. නොයෙක් නොයෙක් වැඩ කරනවා. හැබැයි 2014 සිට සරහාන්ලාට පඩි ගෙවනවා. මේ ගැන අත්අඩංගුුවට ගත්ත අය අපේ ව්‍යාපෘතියක් කියලා හමුදාවේ බුද්ධි අංශයෙන් ඇවිත් අරගෙන යනවා. එ් මේවාට සම්න්ධ ජාලයක් තිබුණ නිසා.

අපේ‍්‍රල් 4 වැනිදා මේ ගැන බුද්ධි තොරතුරු ලැබුණා නම් ප‍්‍රහාරය දක්වා කාලය තුළදී මේ පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුනේ ඇයි? මේ බුද්ධි තොරතුරු ගැන හඹා නොගියේ ඇය කියලා සොයා බැලිය යුතුයි.මේ කාලය වන විට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තවුහීත් ජමාත් සංවිධාන ගැන වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.එ් වගේම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් උපදෙස් පතා තිබෙනවා. ඒ  උපදෙස් ලැබිලා නැහැ. නාමල් කුමාරගේ සිද්ධියක් එළියට ඇවිත් නාමල් කුමාර අත්අඩංගුවට ගැනීම ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා.

පාස්කු කොමිසම සහරාන්ගේ බිරිදගේ සාක්ෂිය ලබාගත්තේ මාධ්‍යවේදීන් ඉවත් කරලා. මේ සාක්ෂියේ තිබුණේ මොනවාද කියලා බරපතල ප‍්‍රශ්ණයක් තියෙනවා.මේවා එළියට දාන්නේ නැත්තේ ඇයි? ත‍්‍රිමා කියන ඇප් එකක් මගින් තමයි මේ අය තොරතුරු හුවමාරු කරගෙන තිබෙන්නෙ.පාස්කු ප‍්‍රහාරයට සම්න්ධ පුද්ගලයින් ප‍්‍රහාරයට දවස් තුනකට පෙර කොටස් දෙකකට බෙදෙනවා.

ජා ඇල සහ පානදුරේ පිහිටි ආරක්ෂක නිවස්න දෙකක ඉදලා තමයි මේ අය ක‍්‍රියාත්මක වෙන්නේ. එ් දවස්වල මේ ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබද බොස් ඉන්නේ අසතුටින් කියලා කතා වෙලා තියෙනවා.බොස් ඉක්මනට කරන්න කියලා තියෙනවා.

මේ කියන බොස් කවුද කියලා අනාවරණය කරගත යුතුයි.

ලසන්ත - කීත් විමර්ශන !

මේ කියන බොස් කවුද කියලා සොයා ගත යුතුයි. මේ වගේම තමයි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය,කීත් නොයාර්ගේ පහදීමට හමුදාවේ යම් කණ්ඩායම් සම්බන්ධවූ බවට චෝදනා තිබෙනවා.ආණ්ඩුවේ පරිපාලනයෙන් බැහැරව සිටින යම් කණ්ඩායමක් මේ ප‍්‍රහාරවලට සහයෝගයක් ලබාදුන්නාද කියන ප‍්‍රශ්ණය තිබෙනවා.

මේ ගැන අපි සොයා බැලිය යුතුයි. මේ කාලය වන විට හමුදා බුද්ධි අංශය හා පොලිස් බුද්ධි අංශය අතර යම් ගැටුමක් නිර්මාණය වෙලා තිබුණා.

මේ ගැටුමත් පාස්කු ප‍්‍රහාරයට හේතුවක් වෙන්න ඇති.අපි කාටවත් ඇගිල්ල දිගු කරන්නේ නෑ.

මේ ප‍්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද කියලා අපි අනාවරණය කරගත යුතුයි. එහෙම වුනොත් තමයි මියගිය අයට සාධාරණයක් වෙන්නේ. කවුද බොස් කියලා හදුනා ගැනීම වෙනුවෙන් තමයි අපි පාර්ලිමේන්තුවේදී අපි කතා කරන්නේ.

පාස්කු කොමිසන් සභාව හමුවේ ඉදිරිපත්වූ සාක්ෂි ඇසුරින් තමයි අපි මේ කතා කියන්නේ.

සාක්ෂි ලෙස ඉදිරිපත්වී තිබෙන එහෙත් පාස්කු කොමිසන් වාර්තාවේ නොමැති දේවල් තමයි අපි ඉදිරිපත් කරන්නේ.

මේවා ගැන නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් නැවත පැමිනිලි කරන්න අවශ්‍ය නැහැ.

මොකද මේවා පාස්කු කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු. මේ කරුණු පාස්කු කොමිසන් සබාවේ තිනෙවා.මේ කරුණු ගැන සොයා බලා පාස්ක ප‍්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා සොයා ගැනීමට කටයුතු කරමු.