පාස්කු බෝම්බ ප්‍රහාරයේ මොලකරුවන් පිටුපස සිටින සැබෑ දේශපාලන හස්තය හදුනා ගත යුතුයි !

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මොලකරුවන් පිටුපස සිටින සැබෑ දේශපාලන හස්තය හදුනා ගත යුතුයි !

පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී  මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක් හෙළිදරවු කරගෙන වාර්තා නොකිරීම  යුක්තිය උදෙසා මොරගසන සමස්ත ජනතාවගේම කනස්සලට හේතුවක් වී ඇතිබව මීගමුව පුරවැසි  එකමුතුව ප්‍රකාශ කරයි.   මීගමුව පුරවැසි  එකමුතුව නිවේදනයක් නිකුත් කරමින්  මේ බව  සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.  

කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබදවද මේ වනවිටත් සමාජයේ විවිධ කොටස් වලින් එකිනෙකට වෙනස් අදහස් ඉදිරිපත් වෙමින් පවතින අතර කොමිසම  තම විමර්ශන කාර්යභාරයේදී  හිතාමතාම අතිශයින්ම වැදගත් පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසීම අතපසු කර ඇති අතර, කරන ලද සාක්ෂි විමසීම් පිලිබදව වුවද විනිවිදභාවයකින් යුතුව කරුණු වාර්තා කර නොමැති බවට චෝදනා එල්ලවෙමින් පවතියි.

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්, එයට සම්බන්ධ කණ්ඩායම් සහ ඒ සදහා විවිධාකාරයෙන් සහය දැකිවූ අය පිලිබදව තොරතුරු ඇතත් මෙම ප්‍රහාරය කුමන අවශ්‍යතාවයක් සහ කාගේ උවමනාවක්   වෙනුවෙන් සැලසුම් කරන ලද්දක්ද යන්න පිලිබදව පවතින්නේ නොවිසිදුනු තත්ත්වයකි. ජනතාව මේ ප්‍රහාරයේ මොලකරුවන්  පිටුපස සිටින සැබෑ දේශපාලන හස්තය සොයන්නයි බලකර සිටින්නේ ඒ නිසාය. එබැවින් ප්‍රහාරයට සම්බන්ධවූ, එයට සහය දැක්වූ සහ එය වලක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයින් සහ කණ්ඩායම් නීතිය ඉදිරියට ගෙන ඒමෙන් පමණක් මෙම ප්‍රහාරය නිසා මියගිය හෝ විපතට පත්වූ අහිංසකයින්ට යුක්තිය ඉටුවන්නේ නැත. මෙම ප්‍රහාරයට පෙර සහ පසුව පැවති සහ මේ වනවිට පවතින දේශපාලන සහ  සමාජ වාතාවරණය ගැන විවිධ පාර්ශවලින් ඉදිරිපත් වෙන කරුණු පිලිබදව ගැඹුරු මෙන්ම විනිවිදභාවයකින් යුතුව කටයුතු කර සත්‍ය හෙළිදරවු කරගත යුතු අතර ඒ සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදුනොවිය යුතු බව පාස්කු බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් සම්පුර්ණ වන අප්‍රියෙල් 21 වෙනි දින මීගමුව පුරවැසි  එකමුතුව  විශේෂ පුවත් නිවේදනයෙන් නිකුත් කරමින්  රජයෙන් සහ වගකිවයුතු කණ්ඩායම් වලින් ඉල්ලා සිටියි.

වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවත්වන නිහඩ උද්ඝෝෂණය මීගමුව, කොළඹ පාරේ බාල්දි හන්දිය(මීගමුව මහා රෝහල සහ නවලෝක රෝහල අතර, සාන්ත සෙබස්තියන් ප්‍රතිමාව අසල ) අසලදී  අප්‍රියෙල් 21ඉරිදා උදෑසන 8.00ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මීගමුව පුරවැසි එකමුතුව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න