මණ්ඩලේ කචල් ඉස්මුරුත්තාවට : ඉන්දික - රේණුක ගැටුමෙන් රේණුක ඉල්ලගෙන ගෙදර යයි !

මණ්ඩලේ කචල් ඉස්මුරුත්තාවට : ඉන්දික - රේණුක ගැටුමෙන් රේණුක ඉල්ලගෙන ගෙදර යයි !

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණ පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා එකී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත යොමුකර ඇත.

අදාළ ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති අතර ඊට අනූව ඉල්ලා අස්වීමේ හේතුව වී ඇත්තේ නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් අන්ත දූෂිත නිලධාරියකු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස පත්කිරීමට දරන උත්සාහය බව අදාළ ලිපිය තහවුරු කරයි.

අදාළ ලිපියේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර වෙත යොමුකර ඇත.

මෙම ඉල්ලා අස්වීමේ ලිපිය තහවුරු කර සිටින්නේ නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරාධ  තමන් යටතේ ඇති ආයතනය වෙත දූෂිතයකු පත්කර අන්ත දූෂිත ලෙස ආයතන පරිපාලනය මෙහෙයවීමට සූදානම් වන බවය.

එසේම දැඩි බැසිල් රාජපක්ෂ වාදියෙකු මෙන්ම පොහොට්ටු පක්ෂයේ පාලක ලේකම් තරම් ඉහළ නිලයක් දරන රේණුක පෙරේරා වැන්නකුට පවා එකී උත්සාහය පාලනය කරගන්න නොහැකිව ඇති බවය.

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවේ මාස 8 ක් පමණ වන මේ කාලය තුළ මෙවැනි තත්ත්වයක් මතුවීම තහවුරු කරන්නේ  ඉතිහාසයේ නොවූවිරූ දූෂිත මට්ටමක් ඇතිවීමේ අවධානමක් ඇති බවය.

එසේම පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සෙසු පක්ෂ සහ පොදුජන පෙරමුණ පක්ෂය අතර පමණක් නොව සමස්ථ ආණ්ඩු අභ්‍යන්තරයේ ඇති අර්බුදයත් මෙකී ලිපිය හරහා තහවුරු කරන  බව විචාරක අදහස වී තිබේ.  

අදාළ ලිපිය පහත දැක්වෙයි.

FB IMG 1618928287505

FB IMG 1618928287505

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න