මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය, පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසුවාය.
එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට මෙම වෛරසය බෝවන බවත් තරුණ අයට බෝවීමද වැඩි බවත් ඇය අවධාරණය කරයි.
කලින් ප්‍රභේදවලදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් නව ප්‍රභේදයෙන්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
