රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ - යුද හමුදාපති

රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ -  යුද හමුදාපති

දැනට සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

තවද සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බව ත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකිමෙන් කටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා ජනතාවට උපදෙස් දී සිටී.

කෙසේ වෙතත් යම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයි, ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුදහමුදාපති,

‘‘ජනතාව අපෙන් අහනවා නගර අතර දිස්ත්‍රික්ක අතර යන එක තහනම් කරනවා ද කියලා. මේවා නීති පනවලා කරන්න අවශ්‍යතාවයක් නෑ මේ මොහොතේ දී. රටේ ජනතාව බුද්ධිමත්. ජනතාව දන්නවා ඉන්දියාවේ දේවල් දකිනවා ඇති මේ මොහොතේ මොනවාද වෙන්නේ කියලා. රටේ ජනතාගේ සහයෙන් තමා මේ කොවිඩ් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන අවබෝධයෙන් යුතුව දිස්ත්‍රික්ක අතර අත්‍යාවශ්‍ය නොවේ නම් නොයා ඉන්න ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න