කොවිඩ් මර්දනයට කොරියානු සහය

කොවිඩ් මර්දනයට කොරියානු සහය

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් වසංගත තත්වය මැඩ පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Woonjin Jeong සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) කොරියානු තානාපති නිල නිවසේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා දකුණු කොරියාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබදව තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කල අතර කොරියාව කොවිඩ් උවදුර ශ්‍රී ලංකාවෙන් මර්දන කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදන බවද තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත දන්වා ඇත.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දීර්ඝකාලීන මිතුදම මත කොරියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතා අගය කරන බවත් ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඒ සඳහා විශේෂ ස්තුතියක් පිරිනමන බවද අමාත්‍යවරිය මෙහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න