විලිසංගයක් නැති පාර්ලිමේන්තු ගෝරි නවත්වන්න : කතානායක කමිටුව මෙන්න !

විලිසංගයක් නැති පාර්ලිමේන්තු ගෝරි නවත්වන්න : කතානායක කමිටුව මෙන්න !

පාර්ලිමේන්තු සභා  ගර්භය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව 2021 අප්‍රේල් 21 වනදා  සිදුවූ බව කියන සිද්ධීන් සහ එවැනි සිද්ධීන් යළි ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමට කතානායක විසින් මැතිඇමතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරයි.
 
එහි සෙසු සාමාජිකයන් වන්නේ, චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්ටියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එම්.ඒ.සුමන්තිරන් යන මැති ඇමතිවරුන්ය.
 
මේ අතර පසුගිය 21 වනදා සිදුවූ සිදුවීමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු රෝහල් ගතව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න