ආණ්ඩුවේ මැයි දින තහනම පරාජය කරන්න : සිවිල් සංවිධාන පෙරමුණට !

ආණ්ඩුවේ මැයි දින තහනම පරාජය කරන්න : සිවිල් සංවිධාන පෙරමුණට !

මැයි දිනය පැවැත්වීම සඳහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සඳහා පිටිටනි හා පෙළපාලි මාර්ග වෙන් කිරීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා  රටේ පවතින සෞඛ්‍යමය අවධානම  දැකීම පුදුම සහගත බව පොදුදේපොළ හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර "ආණ්ඩුවේ මැයි දින තහනම පරාජය කරන්නෙමු" යන ශීර්ෂයෙන් යුතුව එම සංවිධානය නිකුත් කල නිවේදනය පහත දැක්වෙයි.

පවතින අවදානම් තත්වය තුළ 2021 මැයි දිනය පැවත්වීමට අවසර නොදීමට රජය වෙනුවෙන් තීරණය කළ බව 2021 අප්‍රේල් 20 වෙනි දින සවස් භාගයේ දී කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය  කළ බව වාර්තා විය. ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් හා පැවති සාකච්ඡාවකින් ගත් එකඟතාවය මත බව ඔහු වැඩිදුරටත් පුකාශකර තිබේ.

එහිදී ඒ දේශපාලන පක්ෂ කවරෙක් ද යන්න හෙළි කිරීමට උත්සුක නොවූ යුද හමුදාපතිවරයා මැයි දිනය පැවැත්වීම සඳහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සඳහා පිටිටනි හා පෙළපාලි මාර්ග වෙන් කිරීමෙන් අනතුරුව රටේ පවතින සෞඛ්‍යමය අවධාන දැකීම පුදුම සහගතය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු ජනතාව දහස් ගණන් ඒකරාශී කෙරෙන ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර, ජනයා දහස් ගණනින් සහභාගී වූ සිංහළ, දෙමළ අලුත් අවුරුදු සැමරුම් හා තවත් විවිධාකාරයේ ජනහමු සම්බන්ධයෙන් මුනිවත රැකි කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ වසංගත රෝග ප්‍රධානීන් මැයි දිනය ආසන්නයේ බරපතල සෞඛ්‍ය අවදානමක් පිළිඳව අවදිවීම විහිලු සහගතය.

ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය හමුවේ හා සෑම පැත්තකින් ම ගිණියම්වන ජනතා කෝපය වර්ධනය වන මොහොතක ඊට බියවැදී රජයේ නොහැකියාව වසාගන්නට මේ මැයි දින තහනම යෝජනා කිරීමට කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය යොදාගෙන ඇති බව ‘පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ’ අදහස වේ.

ලෝකයේ වැඩ කරන ජනතාව දිවිපුදා දිනාගත් ලෝක මැයි දින සැමරුම, ඊනියා දේශපාලන පක්ෂ නායකයන්ගේ හිමිකමක් නොවන බව පවසන, රාජ්‍ය, අර්ධරාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ රටේ ප්‍රමුඛ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 22න් සමන්විත පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය, ආණ්ඩුවේ මේ මුග්ධ සැළසුම පරාජය කරන්නට පෙරට එන ලෙස සමස්ථ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී.

අවසාන වශයෙන් ආණ්ඩුවේ මැයි දින තහනම නොතකා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම අනිවාර්යයෙන් ම අප සංවිධානය සැළසුම්කර ඇති පරිදි පැවත්වීමට කටයුතු කරන බව තරයේ ප්‍රකාශකර සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න