අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
අප්‍රේල් 22 වැනිදා මෙම ගමන සැලසුම් කර තිබුණද එම සංචාරය 29 දින දක්වා වනදා දක්වා කල් දමා ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.
මාධ්‍යවේදීන් නිරූපිකාවන් සහ ප්‍රකට ව්‍යාපාරිකයන් ඇතුළු මෙම පිරිස පූර්ණ අනුග්‍රහක නිවාඩුවක් සමග ගත කිරීම සඳහා එම චාරිකාවේ නියැලෙන බව ද සඳහන්ය.
මේ සම්බන්ධයෙන් පුවත්පත ගුවන් සමාගම කළ විමසීමට ප්‍රතිචාර දක්වා නැති අතර ඊට සහභාගි වන අති විශේෂ ප්‍රභූන් කවුදැයි ද හෙළි කිරිමට නොහැකි බවද පවසා තිබේ.
කොරෝනා වසංගතය මධ්‍යයේ ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පිරිසක් සේවයෙන් ඉවත් කර ඇති අතර සමාගම මූල්‍ය අර්බුදයකද පවතින මොහොතක මෙම ගුවන් ගමන සතිපතා නයිරෝබි වෙත සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ද පුවත් වාර්තාවේ දැක්වෙයි.
මිලාශ්‍රය -cnews
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
