වරාය නගරයේ කුණු කොහේටද : ආණ්ඩුවේ නියෝජිතයන් හිරවෙයි !

වරාය නගරයේ කුණු කොහේටද : ආණ්ඩුවේ නියෝජිතයන් හිරවෙයි !

කොළඹ වරාය නගරයේ කසළ බැහැර කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් බත්තරමුල්ල, වොටර්ස්ඒජ් පරිශ්‍රයේදී ඊයේ (21) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් සඳහා ඍජු පිළිතුරක් ලබාදීමට එම සාමාජිකයන්ට නොහැකි විය.

ඒ අනුව එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, කොළඹ නගරයේ කැළිකසළ බැහැර කිරීමට හෝ නිසි ස්ථානයක් නොමැති තත්වයක් මත වරාය නගරයේ කැළිකසළ බැහැර කරන ක්‍රමවේදය කුමක්ද යන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, එහිදී ඔවුන් සඳහන් කර සිටියේ, කසළ බැහැර කිරීමේ ලෝකය පිළිගත් නවීන ක්‍රමවේද ඇති බවත් ඉන් එක් උපක්‍රමයක් භාවිත කළ හැකි බවත්ය.
ඒ අනුව එහිදී මාධ්‍ය වේදීන් සහ මන්ත්‍රීවරුන් අතර පැවැති සංවාදය පහතින් වේ.

මාධ්‍ය:- වරාය නගරයේ කැළිකසළ බැහැර කිරීම් සිදුකරන්නේ කොහොමද කියා බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනවා ?

පා.ම. ඩිලාන් පෙරේරා :- පෝර්ට් කොමිෂන් සභාවේ මහත්වරු ප්‍රධාන විධායක නිලධාරියෙක් පත්කරනවා. කසළ බැහැර කරන ආකාරය, එදිනෙදා පාලනය වන ආකාරය ඒ සියල්ලම එහිදී පාලනය වෙනවා. මෙතන විශාල හෝටල්, විශාල මධ්‍යස්ථාන, බැංකු ඇතුළු මූල්‍ය ආයතන ස්ථාපිත වෙනවා. ලෝකයේ නවීනතම ආකාරයට තමයි එහිදී සියල්ල පාලනය වෙන්නේ. එතනදී අර පත් කෙරෙන ප්‍රධාන විධායක නිලධාරියා සියලු ක්ෂේත්‍ර සඳහා වන ප්‍රවීණයන් ලවා අවශ්‍ය දේ කරනවා.

මාධ්‍ය:- නැහැ. දැන් අපි අහන්නේ ඒක නොවෙයි. කොළඹ නගරයේ කැළිකසළ ගෙන යන්න හරියට තැනක්වත් නැති කොට පෝර්ට් සිටියේ කැළිකසළ බැහැර කරන ක්‍රමවේදය මොකක්ද?

පා.ම. ඩිලාන් පෙරේරා :- අපි හිතමු පෝර්ට් කොමිෂන් එක නැහැ කියලා. ඒත් මේ භූමිය අපි පාවිච්චි කරන්න එපැයි. වියදම් කරලා හැදුවේ අපට හැන්දෑවට ගෝල්ෆේස් යනවා වගේ ගිහිල්ලා ඒකේ එක්සසයිස් කරන්න නෙවේනේ. දැන් ඒ භූමිය කොළඹ දිස්ත්‍රික් පරිපාලනයේ කොටසක්. පෝර්ට් කොමිෂන් එක නැතිව අප මෙතන බිස්නස් පටන් ගත්තා නම්, ඒත් කුණු අයින් කරන්න එපැයි. ඒ නිසා කසළ බැහැර කිරීම කියන කාරණය පෝර්ට් කොමිෂන් එක තිබුණත් කරන්න ඕනෑ. නොතිබුණත් කරන්න ඕනෑ.

පා.ම. අනුර ප්‍රියදර්ශන යාපා :- කසළ බැහැර කිරීමේ ලෝකය පිළිගත් නවීන ක්‍රමවේද තිබෙනවා. එහෙම නැත්නම් ඒවා තවත් තැනකට දීලා. නැත්නම් කොළඹින් පිටතට ගෙනිහින් සමාගමකට දිය හැකියි. දැන් හදලා තියෙනවානේ ඒවා. ඒ උපක්‍රම පාවිච්චි කළ හැකියි.

පා.ම. ඩිලාන් පෙරේරා :- ලෝකයේ බොහෝ රටවල කසළ කියන්නේ ආදායමක්. අපට කසළ ප්‍රශ්නයක්. ලංකාවේ තිබෙන ආයතනවල නීතිරීති ප්‍රමාණවත් නැහැ. කසළ ආදායමක් කර ගන්න. පෝර්ට් සිටිය භාවිත කරන කසළ බැහැර කරන ක්‍රමය ඇතැම්විට ලංකාවේ වෙන තැනකටත් අපට භාවිත කරන්න පුළුවන් වේවි. ඒ තාක්ෂණය අරගෙන.

lanka truth 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න