මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි එළඹෙන අප්‍රේල් 27 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 27 වැනිදා සිට 29 වැනිදා දක්වා වෙයි ෆෙන්ග්හි මෙරට තුළ රැදී සිටීමට නියමිත බවයි.
චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෙක් වන ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ආණ්ඩුවේ ඉහල පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.
මෙම සංචාරයත් සමඟ ඉන්දියාව, ඇමරිකාව ඇතුළු තවත් ලොව බලවත් රටවල් රැසක් ලංකාවේ සිදුවීම් සම්බන්ධව වැඩි සංවේදීත්වයක් ඇතිව කටයුතු කෙරෙනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරක මතය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
