කොළඹ නගර සභා සීමාවේ රෝගීන් 4% සිට 18% දක්වා 14%කින් පසුගිය සතියේ වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් එළඹෙන සතියේ සිට කොළඹ නගර සභා සීමාව තුළ නිවාස සංකීර්ණ, ආයතන වල ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරන බවත් උපුල් රෝහණ පවසයි.
එළඹෙන සතිය වනවිට කෝවිඩ් රෝගීන් වාර්තාවීම විශාල ලෙස ඉහළ ගියහොත් සති දෙකක කාලයක් රට වසා දමන ලෙසට තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කළ බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
රටපුරා කෝවිඩ් රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් එම රෝගීන් හමුවන්නේ අහඹු ලෙස සිදුකරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ හරහා බවත් ඔහු සඳහන් කල අතර කෙසේ වෙතත් එළඹෙන සතිය වනවිට නගර සහ ජනතාව රැස්වෙන ප්‍රධාන ස්ථාන රැසක ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරන බවද පැවසීය.
අධි අවධානම් දිස්ත්‍රික්ක තුනක් !
මේ අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධිඅවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බවත් එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
එහිදී ඔහු පැවසුවේ, “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. මේ ත්ත්වය යටතේ මහජනතාවට 100ට සියක්ම වගකීම පැවරෙනවා ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට” කියාය.

