කොරෝනා ව්‍යාප්තවීම හමුවේ රාජ්‍ය සේවය : තීන්දුව ලබන සතියේ !

කොරෝනා ව්‍යාප්තවීම හමුවේ රාජ්‍ය සේවය : තීන්දුව ලබන සතියේ !

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලබන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 

රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර එහි දැක්වුණේ රාජ්‍ය සේවයේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග රාජකාරී කිරීමට අවසර හිමි වන බවයි. 

එමෙන්ම සෑම විටම නිවසේ සිට රාජකාරී සිදුකිරීමට විකල්පයක් ලබාදිය යුතු බවද එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්ව තිබිණ.

මේ අතර අදාළ   මාර්ගෝපදේශ මාලාවට අනුව රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී  රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි සදහන් කර ඇත්තේ  ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍ෂේත්‍ර 48 ක් සදහා මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) නිකුත්කළ අතර  ඊට අනුව කටයුතු කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න