මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද නොතකා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම භයානකයි !

මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද නොතකා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම භයානකයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු ගර්භයේ දී තම කථා කිරීමේ වරප්‍රසාදය භාවිතා කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට ගෙන යන පියවර ගැන අපි භීතියට හා කෝපයට පත් වෙමු. " යනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

"ශ්‍රී ලංකාව දැන් නව කොවිඩ් රැල්ලකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැනි වෘත්තීය සංවිධාන කිහිපයක් මෙම අවදානම් සහගත තත්වය පිළිබඳව සති ගණනාවක් තිස්සේ අපට අනතුරු ඇඟ වුවත් ඒවාට කන් දී අවශ්‍ය පියවර ගැනීම වෙනුවට, රජය විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර වූ තීරණාත්මක දින කිහිපය ගත කළේ ස්වෛරීභාවයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල තර්ජන එල්ල කරන ව්‍යවස්ථාදායක උපක්‍රම නීතිගත කිරීමටයි." 

වසංගතය මැඩලීම වෙනුවට විචාරකයන් නිශ්ශබ්ද කිරීම !  

වරාය නගර පනත් කෙටුම්පත කඩිනමින් අනුමත කර ගැනීම හා පාර්ලිමේන්තු යෝජනාවකින් අධිකරණය යටපත් කිරීමට දරන උත්සාහයන් කිසිසේත් දේශප්‍රේමී, විනයගරුක හෝ වගකිවයුතු රජයක ක්‍රියාවන් නොවේ.වසංගතයට මුහුණ දීම වෙනුවට, අද වන විටත් පොලිසිය හා අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තම විචාරකයින් නිශ්ශබ්ද කිරීමට භාවිතා කල හැකි ආයුධ බවට පත්කිරීමේ උත්සාහයක ආන්ඩුව නිරතවී සිටී.

ඔවුන්ගේ විවේචකයන් සමඟ සාකච්ඡා කිරීම හෝ ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම වෙනුවට රජය විරුද්ධ මතධාරීන් බිය කිරීමට හෝ සිර කිරීමට උත්සාහ කරමින් සිටී..  අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස් නිලධාරීන්, නීතිඥයින් සහ කවියන්, රාජ්‍ය තන්ත්‍රය විවේචනය කිරීම, තම රාජකාරිය අවංකව ඉටු කිරීම, තම සේවාදායකයින් වෙනුවෙන් උසාවියේ පෙනී සිටීම හා සිතුවිලි ජනිත කරන සාහිත්‍යය රචනා කිරීම හැර වෙනත් කිසිදු අපරාධයක් නොකොට සිරගතව සිටී.

නිදහස් චින්තනය, විවාදය සහ අන්තර්ජාලය තුළ සාකච්ඡා කිරීම වාරණය කිරීම සඳහා නීති පැනවීමේ සැලසුම් ද රජය විසින් දැන් ප්‍රකාශයට පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු ගර්භයේ දී තම කථා කිරීමේ වරප්‍රසාදය භාවිතා කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට ගෙන යන පියවර ගැන අපි භීතියට හා කෝපයට පත් වෙමු. 

එවැනි හැසිරීමක් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකට නුසුදුසු ය. මෙම මධ්‍යස්ථවාදී නොවන ප්‍රතිපත්ති දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුල තවදුරටත් හුදෙකලා වීමේ අවදානමක් ඇත. අප රටේ ස්වෛරීභාවයට සහ අපගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ඇති වන අවදානම් සදහා මෙසේ හුදෙකලා වෙමින් අපට මුහුණ දිය නොහැක.

මෙම අභියෝග ජයගත හැක්කේ තමන්ගේ නිදහස හා ස්වාධීනත්වය අගය කරන සියලුම ලංකාවේ වැසියන් අත්වැල් බැඳගෙන එකමුතුව මෙම තර්ජන වලට මුහුණ දෙන්නේ නම් පමණි. 

පාලිත ලිහිණියකුමාර

ලේකම්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න