රිෂාඩ් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන කුමණ්ත්‍රණයක් !

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන කුමණ්ත්‍රණයක් !

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා සහ හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයකු අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමණ්ත්‍රණයක් බ්ව සඳහන් කර ඔහුගේ නීතිඥවරයා වන  නීතිඥ රුෂ්ඩිහි හබීබ් විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන මහත්වරුන්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් තහවුරු කර තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරු අද (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, අජිත් රෝහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයකයන්ට ආධාර අනුබලදීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යනු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයාය. එතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරු සිව්දෙනෙකු තේරී පත්ව සිටිති. එයට අමතරව පළාත් පාලන ආයතනවල සභිකයන් 169 දෙනෙකු එතුමා නායකත්වය දරන පක්ෂය නියෝජනය කරති. සමස්ත මුස්ලිම් ජනතාව මේ ගත කරමින් සිටින්නේ ශුද්ධ වූ රමසාන් උපවාස සමයයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර දැනුවත් කළ සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ ලබා දී තිබේ.

ඒ ආකාරයෙන් පූර්ව දැනුවත් කිරීමකින් තොරව අලුයම 01ට පමණ නිවසට පැමිණ කිසිදු හේතුවක් සඳහන් නොකර අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගති ලක්ෂණවලට අනුගත නොවන බව අප සඳහන් කරමු.රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ චෝදනා සියල්ල, ශ්‍රේෂාඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂම විසින් විභාගයට ගෙන අවසන් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට ආධාර, අනුබල දුන් බවට, කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී නැත. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට කිසිදු සාක්ෂියක් එම කොමිෂමට ඉදිරිපත් ව නැත.

එවන් පසුබිමික, සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවෙන අවස්ථාවකි.මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. පසුගිය ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් සහය පළ කළහ.

සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාව සියලු දෙනා රට තුළ සහයෝගයෙන් ජීවත් වුවද, වත්මන් ආණ්ඩුව විවේචනය කරන ජාතික තලයේ සිටින මුස්ලිම් දේශපාලන නායකයන් අසීරුවට ලක් කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම අප දකිමු. 

රුෂ්ඩිහි හබීබ්

නීතිඥ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න