චීන ආරක්ෂක ඇමති අද රාත්‍රියේ දිවයිනට

චීන ආරක්ෂක ඇමති අද රාත්‍රියේ දිවයිනට

මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා අද (27) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ, මහතා චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදායි.

ඔහු 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

චීන මධ්‍ය හමුදා කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා මේ වනවිට කටයුතු කරමින් ඇතැයි සඳහන් ය.

මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා ලබන 29 වැනි දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න