මේ වන විට රට පුරා සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති නිසා රට වහාම ලොක්ඩවුන් කිරීමට පියවර ගතයුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
එසේ සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත්වෙන ලකුණු පහළ වී ඇතැයිද ඔහු සඳහන් කරන අතර අද වන විට රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු PCR පරික්ෂණවලදී ආසාදිතයන් ප්‍රතිශතය 30% පමණ වන බවත් සඳහන් කර සිටියි.
මේ තත්ත්වය මත වහාම රට ලොක්ඩවුන් කර උප පොකුරු හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියි.

