ඇස්ට්‍රාසෙනිකා හොයන්න ජනාධිපතිත් එක්වෙයි : වැඩේ දුෂ්කරයි - ලලිත්

ඇස්ට්‍රාසෙනිකා හොයන්න ජනාධිපතිත් එක්වෙයි : වැඩේ දුෂ්කරයි - ලලිත්

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග  පවසයි.

අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වී ඇතැයි පැවැසූ ඔහු  ඒ ආයතනය හදන එන්නත් ඉන්දියාවට ද අද මදි වී ඇතැයිද  ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කරයි.

එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බවත් එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස්  සමග අද (7) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ඇතැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විශ්වාස කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න