තවත් මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් චීනයට !

තවත් මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් චීනයට !

මෙරටට මහා පරිමාණයෙන් ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ආසියාවේ විශාලතම තෙල් සහ ගෑස් නිෂ්පාදන සමාගම වන පෙට්‍රොචයින් ඉන්ටර්නැෂනල් සමාගමේ සිංගප්පූරු ශාඛාවට ජුනි 01 සිට 2022 ජනවාරි 31වෙනිදා දක්වා මෙරටට තෙල් සැපයීමේ දැවැන්ත කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබේ.

මේ අනුව තෙල් බැරල් 4,076,000ක් සැපයීම සඳහා පෙට්‍රොචයින් ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමට ලබාදී ඇත.

මෙයට අදාල කැබිනට් තීරණය මැයි 31 වෙනිදා ගෙන ඇති අතර එය ජුනි 01 සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි. මේ අනුව පුරා මාස 08ක් මෙරටට ප්‍රෙට්‍රල් සහ ඩීසල් සැපයීම සඳහා කොන්ත්‍රාත්තුව එම සමාගමට ලබාදී ඇත.

මේ අනුව ඩීසල් බැරල් 1,120,000ක් මුතුරාජවෙලින් ගොඩබෑමට සහ තවත් ඩීසල් බැරල් 1,120,000ක් කොළඹ ඩොල්ෆින් ට්‍රැක් මාර්ගයෙන් ගොඩබෑමට ලබාදී තිබේ.

ඊට අමතරව පෙට්‍රල් ඔක්ටේන් 92ක සහ 95 බැරල් 1,341,000ක් සහ 495,000ක් ලබාදීම සඳහාද කොන්ත්‍රාත්තුව දී ඇත්තේ එම සමාගමටමය.

ඊට අමතරව චීන සමාගමට අමතරව සිංගප්පූර් ඕවර්සීන් එනටර්ප්‍රයිස් නමැති සමාගමට පෙට්‍රල් බැරල් ලක්ෂ 27ක් ලබාදීමේ කොන්ත්‍රාත්තුව දී තිබේ.ඛනිජතෙල් ඇමති උදය ගම්මන්පිල ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට පසුගිය 31වෙනිදා ඇමති මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී ඇත.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න