පළමු මාත්‍රාව දුන්න තැනම දෙවැනි මාත්‍රාවත් දෙනවා - ඇමති නාමල්

පළමු මාත්‍රාව දුන්න තැනම දෙවැනි මාත්‍රාවත් දෙනවා - ඇමති නාමල්

පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාගත යුතු දෙවන මාත්‍රාව සඳහා නියමිත දිනය දැනුවත් කරමින් පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබා දීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසූ බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඊට අනූව මහනුවර, කුණ්ඩසාලේ බණ්ඩාරනායක විදුහලේ පිහිටුවා ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.රට පුරා සිදුවන එන්නත්කරණ වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ යෙදෙන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන් නිරීක්ෂණ කරමින් එහි කටයුතු සොයා බැලුවේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ  මෙසේ ද පැවසීය.එන්නත් පත්‍රිකාව අත්සන් කරන අවස්ථාවේදී ජනතාව ඒ ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඒ වගේම එන්නත්කරණය සිදුවන සෞඛ්‍ය බල ප්‍රදේශය, තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්.

මහජනතාවට අවශ්‍යවන  එන්නත් ආණ්ඩුව වගකීමෙන් යුතුව මෙරටට ගෙනවිත් දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගනිමින් ජාත්‍යන්තර සබඳතා ඔස්සේ එම එන්නත් මෙරටට ගෙනවිත් දුන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසි ක්‍රමවේදයකට අනුව ඒවා ජනතාවට ලබාදෙනවා.අද අපි කරන්නේ එම එන්නත් ජනතාවට ලබාදීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරදීමයි.

ජනතාව ඔවුන්ට ලබා දී තිබෙන වේලාවට පැමිණ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර එන්නත ගබාගැනීමට හැකි  වැඩ පිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ එන්නත් පෝරමය නිවැරදිව පුරවාගෙන එන්නත පිළිබඳව ජනතාව නිවැරදි ලෙස දැනුවත් කරනවා.

ජනතාවට මෙම එන්නත් සම්බන්ධ ගැටලු තිබෙනවා නම් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ අවස්ථාවේ දීම ඒ ගැන ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා.මෙම පෝරමය භාෂා තුනෙන්ම මුද්‍රණය කරලා තියෙනවා. භාෂා තුනම දැනුම්වත් නිලධාරින් එහි සිටිනවා.

ඔවුන් සමග කතා කර  ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කරගැනීමෙන් අනතුරුව අදාල පෝරමය අත්සන් කර එන්නත ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.

මේ වන විට දළ වශයෙන් නිවැරදි කිරීම්වලට යටත්ව ලක්ෂ 19 වැඩි ප්‍රමාණයක් පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

එය වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 17% ක ප්‍රමාණයක්.කඩිනමින් තවත් ලක්ෂ 30 කට මෙම එන්නත් මාත්‍රාව ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ලබන සතියේ එන්නත් ලක්ෂ 15 ක් ලැබෙයි කියලා විශ්වාස කරනවා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න