සජබ නායකයාට දිට්ඨ ධම්මවේදනිය කර්මය ඵලදීලා - මහේෂ් සේනානායක

සජබ නායකයාට දිට්ඨ ධම්මවේදනිය කර්මය ඵලදීලා - මහේෂ් සේනානායක
දිට්ඨ  ධම්ම වේදනිය කර්මය ඵලදීමක් වැනි තත්ත්වයක් සමගි ජනබලවේගය පක්ෂයේ නායකයාට අත්ව ඇති බවත් එනිසා පක්ෂයේ නායකයා වුවත් අවේලාවේ යෝජනා සම්මත කරගනිමින් බයෙන් සැකෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු වන මහේෂ් සේනානායක පවසයි.
 
" තමන් නායකයා වුනාට ශුවර් නෑ වගේ. අවේලාවෙ අමුතු යෝජනා සම්මත කරගන්නවා. දැන් දැනෙනවා ඇති තමන් කළ දේ තමන්ටත් වෙන්න යන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙච්ච රනිල් වික්‍රමසිංහ ට කොච්චර ප්‍රශ්න දැම්මද ? ඒත් කවදාවත් ඔහොම යෝජනා සම්මත කරාද ?" යනුවෙන්ද මහේෂ් සේනානායක ප්‍රශ්න කරයි.
 
ඔහු මේ අදහස් දක්වා සිටියේ මහනුවර දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
 
"අද රටම පිළිගනිමින් ඉන්නවා මේ රට හදන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ කියලා. ආර්ථික ,අධ්‍යාපන , සංස්කෘතික , සංචාරක මේ මොන ක්ශේත්‍රයේ ගත්තත් දැක්මක් ඇති නායකයා ඔහුයි. කවුරු කවුරුත් දැන් නියම රාජතාන්ත්‍රිකයා වටා එක්වෙමින් ඉන්නේ.
 
කොළඹ මිනිස්සු වැරැද්දක් කරගත්තා රනිල් වික්‍රමසිංහ නායකයා පාර්ලිමේන්තු නොයවා. නමුත් දැන් රටම ඔහුව ඉල්ලනවා. ඔහු පාර්ලිමේන්තු එන බව දැනගෙන බය වෙලා. ඇයි මේ තනි මනුස්සයෙකුට මෙච්චර බයක්. නියම නායකයා එනකොට දුර්වල අය බය වෙනවා.
 
ඩයනගේ පක්ෂයේ ප්‍රශ්න අපිට වැඩක් නෑ : ආණ්ඩුවට තුනෙන් දෙක දුන්නේ සජිත් !
 
දැන් එක එක කතා හදන්නත් අරගෙන. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණේ නෑ. සජිත්ගෙන් අරගෙන තමයි තුනෙන් දෙක හදාගත්තේ. අපේ නායකයා සමාව දෙන නායකයෙක්. ඒ නිසා ඕන කෙනෙකුට එන්න පුළුවන්. 
 
තමන් වැඩ කරන්න ඕන තමන්ගේ ප්‍රමාණය දැනගෙන. ඒක නොදැන කරාම තමයි ප්‍රශ්න එන්නේ.
 
අනික ඇත්තටම අපිට ඔය ඩයනගේ පක්ෂයේ ප්‍රශ්න අදාළ නෑ. අපිට තියෙන්නේ මේ ජරාජීර්ණ ආණ්ඩුව පරාජය කරන්නේ කොහොමද කියලා බලන්න. අපේ උත්සාහය ඒක. දැන් රට සෑම ක්ශේත්‍රයකින්ම වැටිලා ඉන්නේ . දැක්මක් වැඩපිළිවෙළක් නෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න