ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මී ළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර ඇත.
ඊයේ (15) ධවල මන්දිරය මේ බව නිවේදනය කළේ ය.
ඇමරිකානු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ජූලී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර කලාපීය කටයුතු පිළිබඳ කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ලේකම්වරිය ද වෙයි.
ඇය මීට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කර ඇති අතර ලොව රටවල් කිහිපයකම තානාපති කාර්යාලවල විවිධ තනතුරු හොඹවා ඇති හසල පළපුරුද්දක් සහිත අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.
ජූලී කාම්බෝජයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස , තායිලන්තයේ බැංකොක්හි තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශකවරිය ලෙස , ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකවරියක ලෙස, කොලොම්බියාව, වියට්නාමය සහ ජපානය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල සහ චීනයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ ද සේවයේ නියුතුව ඇත.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ජූලි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
