ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තවත් විශ්‍රාමික හමුදාවේ නිලධාරියකු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් සඳහා පත්කර ඇත.
ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස කාර්යංශයේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පත්කර තිබීමය.
එම කාර්යංශයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කමල් රත්වත්තේ ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරට විශ්‍රාමික මේජර් ජනරාල් පත්කර ඇත.
විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අතින් ඔහු සිය පත්වීම් ලිපිය අද (08) ලබාගෙන ඇත.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුරප්පාඩුව පවතින සාමාන්‍යධිකාරි තනතුරට එහි අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යත්තර කටයුතු ) ඩබ්ලිව් එම් එන් වන්සේකර පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
