Moody’s නවතම වාර්තාවකින් ශ්‍රී ලංකාව තවත් පහළට

Moody’s නවතම වාර්තාවකින් ශ්‍රී ලංකාව තවත් පහළට

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති දැවැන්ත මූල්‍ය අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම් මගින් අනාවරණය කර තිබේ.

ලෝකප්‍රකට Moody’s ආයතනය විසින් ඔවුන්ගේ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථිකය අර්බුදයට පත්ව ඇති බව පෙන්වා දෙන අතර ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල Caa1 ඛාණ්ඩය දක්වා පහත දමා ඇත. එම ඛාණ්ඩයට කිසියම් රටක් පත්වන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව අවධානමකට ලක්වීම නිසාවෙනි.

ආණ්ඩුව දැඩි මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කළද මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් සංචිත සීඝ්‍රයෙන් පහළ යමින් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී පවා මේ වනවිට ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ දිගින් දිගටම ශ්‍රී ලංකාව සතු විදෙස් සංචිත පහළ වැටෙමින් අඛණ්ඩව මූල්‍ය අස්ථාවරත්වය නරක අතට හැරෙමින් ඇති බවයි. එම තත්වය මඟහරවා ගැනීම සඳහා කඩිනමින් විදෙස් සංචිත ඉහළ දමා ගැනීමට අසමත් වන්නේ නම් ඉදිරි තත්වය ඉතාමත් අවධානම් බව පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මීට පෙර තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනයද ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් අනතුරු අඟවා සිය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීමකට ලක් කරමින් මෙසේ පවසා තිබිණි. ” ෆිච් රේටින්ග්ස් 2022 අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් පමණ පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ මූලික පදනම යටතේ, ජංගම ගිණුම් හිඟය 2021 දී 2.8% දක්වාත්, 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% දක්වාත් අඩු වනු ඇත. අපගේ අනාවැකි අනුව ප්‍රේෂණ 2021-2022 වන විට ඔරොත්තු දෙන අතර සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇත්තේ 2022 සිට පමණි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න